gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා කියලා අපේ තාත්තත් පොරොන්දු දුන්නා, හැබැයි ඒ පොරොන්දු ඉෂ්ඨ වෙලා නෑ - නාමල් රාජපක්ෂ

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූලව නොගොස් ඡන්ද කල් දමනවා නම් එය වැරදි බවත්, ව්‍යවස්ථාවෙන් විධායකයට මැතිවරණ කල්දැමීමට බලයක් ලබාදී නැතිබවත් පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවැසීය.

ඔහු මෙසේ පැවසූයේ කැලණි විහාරය වැදපුදා ගැනීමට පැමිණි අවස්ථාවේදීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වූ නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා මෙසේද පැවැසීය.

ව්‍යවස්ථානුකූලව මේ රටේ මැතිවරණයක් පැවැත්විය යුතුයි. ව්‍යවස්තානුකූලව ඉදිරියේ දී පැවැත්වෙන්නේ ජනාධිපතිවරණයයි .එම නිසා ඕනෑම දේශපාලන පක්ෂයක වගකීම තමයි ව්‍යවස්ථානුකූලව පැවැත්වෙන මැතිවරණයට සූදානම් වීම.

ව්‍යවස්ථාවෙන් මැතිවරණ කොමිසමට බලය ලැබෙනවා ජනාධිපතිවරණය නියමිත දිනට පැවැත්වීමට. කවුරු කෙසේ මාධ්‍ය හරහා මොන යෝජනා කළත් අපි කලබල විය යුතු නැහැ. අපි සියලුදෙනා ව්‍යවස්ථාව විශ්වාස කරනවා. පසුගිය කාලයේ අරගල කළෙත් ව්‍යවස්ථාවට පටහැනිව ගිහින්. අපි මේ රටේ වර්තමාන ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතාව පත්කළෙත් ව්‍යවස්ථානුකූලවයි. අපි හැමදාම ව්‍යවස්ථාව ආරක්ෂා කරපු දේශපාලන බලවේගයක්. අපි ඉදිරියේදීත් ව්‍යවස්ථාව ආාරක්ෂා කිරීමට බැදී සිටිනවා. ව්‍යවස්ථාවෙන් විධායකයට මැතිවරණ කල්දාන්න බලයක් නැහැ.

ව්‍යවස්ථානුකූලව මැතිවරණ පැවැත්වීමට මැතිවරණ කොමසාරිස්ට නියමිත දිනට බලය ලැබෙනවා. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා කියලා හැමෝම කතා වෙනවා. මට දේශපාලනය මතක කාලේ ඉදලා මම ඔය විධායක බලතල අහෝසි කිරීම ගැන අහලා තිබෙනවා. අපේ තාත්තා ඇතුළු හැමෝම හැම මැතිවරණයකදීම ඔය ගැන පොරොන්දු දීලා තිබෙනවා. තවම ඒ පොරොන්දුව ඉෂ්ඨ වෙලා නැහැ. මැතිවරණ ක්‍රමයත් එක්ක තමයි විධායක බලතල බැඳිලා තිබෙන්නේ. රටට සුදුසු ව්‍යවස්ථාවක් හඳුන්වාදීමට පුලුවන්. නමුත් ව්‍යවස්ථානුකූලව නොගොස් ඡන්ද කල්දාන්න උත්සාහ කරනවා නම් එය වැරුදියි.

රනිල් වික්‍රමසිමංහ මහත්තයා මේ රටේ අවුරුදු 45 ක් ට වැඩි කාලයක් දේශපාලනය කරපු කෙනෙක්. එතුමාට තිබෙනන ලොකුම ආශිර්වාදය තමයි ප්‍රජාතන්ත්‍රවාදය. ප්‍රජාතන්ත්‍රවාදය උල්ලංඝණය කරනවා කියා එදා එතුමා අපේ තාත්තාට පවා චෝදනා කළා.”


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka