සජබ සභාපති හැටියට වැදගත් විදියට පක්ෂයේ තියෙන අඩුපාඩු කතාකරන්න ඕනෙ හැටි පක්ෂය වෙනුවෙන් මන්ත්‍රී ධුරය කැප කළ මුජිබර් සරත් ෆොන්සේකාට ප්‍රසිද්ධියේ කියා දෙයි! (VIDEO)
පක්ෂයේ සභාපතිවරයා වශයෙන් ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා, තමන්ට යම් ගැටලුවක් ඇත්නම් එම ගැටලුව වැදගත් ආකාරයට කතාකළ යුතු තැන් පක්ෂය ඇතුළේම පවතින බව වටහාගත යුතු යැයි සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පැවැසීය.
සිකුරාදා දිනයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා කියා සිටියේ පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම, කෘත්‍යාධිකාරී මණ්ඩලය, කළමනාකරණ කමිටුව ආදී විවිධ තැන් එසේ ප්‍රශ්න සාකච්ඡා කිරීම සඳහා ඇති බවකි.
මන්ත්‍රීවරයා මේ බව සඳහන් කර සිටියේ පසුගිය දිනෙක සමගි ජන බලවේගයට එක්වූ, හිටපු හමුදාපති දයා රත්නායක මහතා සම්බන්ධයෙන් ෆොන්සේකා මහතා සිදුකර තිබූ ප්‍රකාශයක් පිළිබඳ මාධ්‍යවේදීන් විමසූ අවස්ථාවේදීය.
සජබ සභාපති හැටියට වැදගත් විදියට පක්ෂයේ තියෙන අඩුපාඩු කතාකරන්න ඕනෙ හැටි පක්ෂය වෙනුවෙන් මන්ත්‍රී ධුරය කැප කළ මුජිබර් සරත් ෆොන්සේකාට ප්‍රසිද්ධියේ කියා දෙයි! (VIDEO)
2024-02-02T20:34:00+05:30
Gossip Lanka Hot News