gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ඉමියුනොග්ලොබියුලින් අපරාධයට කෙහෙළිය අත්අඩංගුවට!

හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙලිය රඹුක්වැල්ල අද (02) අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත් අඩංගුවට ගත්තේය. ඒ දිගින් දිගටම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගහරමින් සිටි ඔහු ඊයේ මාලිගාවත්ත අධිකරණය විසින් ලබා දුන් නියෝගයකට අනුව අද කුප්‍රකට ඉමියනොග්ලොබියුලීන් අපරාධකාරී ගනුදෙනුව සම්බන්ධව ප්‍රකාශයක් ලබා දීම සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි අවස්ථාවේ දී ය.

අසද උදෑසන 09ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි හිටපු සෞඛ්‍ය ඇමතිවරයාගෙන් පුරා පැය 09ක් තිස්සේ ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගැනීමෙන් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔහුව අත් අඩංගුවට ගත්තේය.

මෙම  සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා ඉකුත් 31 වැනි දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස නීතිපතිවරයා විසින් කෙහෙළියට දන්වා තිබුණේය.

එහෙත් ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටියේ නැත.  නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම අධිකරණයට   පැවසුවේ මෙම නඩුවේ අගතියට පත් පාර්ශ්වය ලෙස ඇතුළුවීමට උත්සාහ කළ   කෙහෙළිය රඹුක්වැල්ලට පෙරේදා (31දා) දිනයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගොස් ප්‍රකාශයක් ලබාදෙන ලෙසට නීතිපතිවරයා නියෝගයක්  නිකුත් කළත් ඔහු එම අවස්ථාව හිතාමතා මග හැරිය බවය.

පසුගිය 31 දා පෙරවරු 9.00ට මහාධිකරණයේ නඩුවක් සඳහා පෙනී සිටීමට සිදුව ඇති බැවින්   අධිකරණ කටයුතුවලින් පසුව එදිනම පස්වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ගොස් ප්‍රකාශයක් ලබා දෙන බව ද කී කෙහෙළිය රඹුක්වැල්ල ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැත්වෙන විශේෂ සාකච්ඡාවක් සදහා යෑමට ඇති බැවින් එදින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටීමට නොහැකි බව ලිඛිතව දන්වා තිබුණත්  31 දා සවස කිසිම විශේෂ රැස්වීමක් සඳහා ඔහු සහභාගී නොවුන බව ජනාධිපති ලේකම්වරයා ලිඛිතව දැනුම් දි ඇති අයුරු නියොජ්‍ය සොලිස්ටර් ජනරාල්වරිය අධිකරණයට හෙළි කළාය.

ඇමතිවරයාට අද පෙරවරු 09ට අධිකරණය ඉදිරියේ පෙනී සිටින්නට අධිකරණය නියෝගකරන්නේ ඒ අනුවය.

නීතිය සැමට සමාන බවත්,  ඉමියුනොග්ලොබියුලින් අපරාධය සම්බන්ධව ඇමතිවරයා අත් අඩංගුවට ගෙන නෛතික ක්‍රියාමාර්ග දියත් කරන ලෙසත් බලකරමින් රටේ විරෝධතා ද ඇති වී තිබිණි.

එවැනි විරෝදයක නිරතවූ සිවිල් ක්‍රියාකාරීන් පිරිසක් පෙරේදාද පොලිස් අත් අඩංගුවට පත් වූ අතර ඊයේ (01) ඇප පිට නිදහස් වූයේය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka