මියගිය පසුවත් ජනතාවගේ ආදරය දිනාගන්න එක ලේසි දෙයක් නෙමෙයි – මහින්ද රාජපක්ෂ
ජීවත්ව සිටියදී මෙන්ම මිය ගිය පසුවත් ජනතාවගේ හදවත දිනාගෙන සිටීම ලේසි පහසු කටයුත්තක් නොවන බව හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ අභාවය පිළිබඳ ශෝක යෝජනාවේ අදහස් දක්වමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී අද (22) පැවසුවා.
සනත් නිශාන්ත මහතා මිය යනතුරුත් ප්‍රදේශයේ ජනතාවගේ හදවත දිනාගෙන සිටි බවත්, දේශපාලනඥයකුට අමාරුම කාර්‍ය එය බවත් ඔහු සඳහන් කළා.
ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක නිවාස සහ නාගරික සංවර්ධන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ශෝක යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.
මියගිය පසුවත් ජනතාවගේ ආදරය දිනාගන්න එක ලේසි දෙයක් නෙමෙයි – මහින්ද රාජපක්ෂ
2024-02-22T14:54:00+05:30
Gossip Lanka Hot News






