gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

‘කෙහෙලිය ගෝගම’ පිහිටුවයි.. ඇසුරු සැණින් අතුරුදහන්.. ගම්වාසීන් අත්අඩංගුවට!

කොළඹ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපිට ‘කෙහෙළිය ගෝ ගම’ නමින් විරෝධතා ගම්මානයක් අද පස්වරුවේ හදිසියේම පිහිටුවන ලදී.

එම විරෝධතාවය ආරම්භ කරන ලද සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් පස් දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ අතර ‘කෙහෙළිය ගෝ ගම’ බැනරද පොලිසිය භාරයට ගෙන ඇත.

ප්‍රශ්නගත එන්නත් වංචාව සම්බන්ධයකයෙන් කෙහෙලිය රඹුක්වැල්ල මහතා අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලමින් ඔවුන් මෙසේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපිට සත්‍යග්‍රහයක් ආරම්භ කළේය.

මේ අතර අදාළ එන්නත් වංචා නඩුවට අදාළව කෙහෙලිය රඹුක්වැල්ල මහතාගෙන් ප්‍රකාශයක් ලබා ගන්නැයි දෙවන වතාවටත් රහස් පොලිසිය වෙත නීතිපතිවරයා විසින් දැනුම්දී ඇත.

ඒ අනුව අද දිනයේ පැමිණ ප්‍රකාශයක් ලබා දෙන ලෙස රඹුක්වැල්ල මහතාට අපරාධ පරීක්ෂණ කොට්ඨාශය දැනුම් දී තිබිණි.

කෙසේ වෙතත් අත්‍යවශ්‍ය රාජකාරී කටයුතු කිහිපයක් හේතුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටීමට නොහැකි වූ බවත් වෙනත් දිනයක් ලබා දෙන ලෙස ඉල්ලූ බවත් ඔහුගේ මාධ්‍ය ඒකකය නිවේදනය කර ඇත.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka