gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ජපානය ආසියානු ක්‍රිකට් කවුන්සලයේ පූර්ණ සාමාජිකත්වය ලබා ගනී!

අද දින ඉන්දුනීසියාවේ, බාලි නගරයේ පැවැති ආසියානු ක්‍රිකට් කවුන්සලයේ වාර්ෂික මහා සභාවේදී, එම කවුන්සලයේ සභාපති ජේ ෂා මහතා අතින් ජපානයේ ක්‍රිකට් සංගමයේ ප්‍රධාන විධායක ඇලෙක්ස් මියාජි මහතා වෙත මෙම සාමජිකත්වය පිරිනැමීම සිදු කරනු ලැබුවා.

මේ සඳහා පූර්ණ අනුග්‍රහය ශ්‍රී ලංකා ක්‍රිකට් සංගමයේ සභාපති ශම්මි සිල්වා ලබා දුන්නා. 

ආසියානු ක්‍රිකට් කවුන්සලයේ විධායක සභික  මෙන්ම ආසියානු ක්‍රිකට් කවුන්සලයේ මූල්‍ය සහ අලෙවිකරණ කමිටුවේ සභාපති, ශම්මි සිල්වා , ශ්‍රී ලංකා ක්‍රිකට් සංගමයේ ප්‍රධාන විධායක නිලධාරි ඈශ්ලී ද සිල්වා  ,වැඩ බලන ලේකම් ක්‍රිශාන්ත කපුවත්ත මේ සඳහා සහභාගි වුණා.

අනතුරුව පැවැති රැස්වීමකදී ශ්‍රී ලංකාව සහ ජපානය අතර ක්‍රිකට් ක්‍රීඩාව නැංවීම සඳහා අවබෝධතා ගිවිසුමකට එළැඹීමේ මූලික කටයුතු පිළිබඳ ව සාකච්ඡා කළා. ඒ සඳහා උපදේශන කටයුතු ලබාදීමට කටයුතු කළේ ජපාන ක්‍රිකට් සංගමයේ විශේෂ උපදේශකවරයෙකු වශයෙන් මෙන්ම සහ ජපානයේ ක්‍රිකට් ක්‍රීඩා දියුණු කිරීම පිළිබඳව සන්නාම තානාපතිවරයෙකූ වශයෙන් කටයුතු කරන ප්‍රියන්ත කාරියප්පෙරුම මහතායි.  

ජපන් ක්‍රිකට් සංගමයේ විශේෂ ආරාධනයකට අනුව ජපානයේ සංචාරක සහභාගි වී සිටින කාර්යප්පෙරුම මහතාගේ උණුසුම් සුභ පැතුම් ශ්‍රී ලාංකික ජනතාව වෙනුවෙන් ජපානයේ  ක්‍රිකට් සංගමයේ  ප්‍රධාන විධායක වන ඇලෙක්ස් මියාජි මහතාට පිරිනැමුවා.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka