කටුනායක, මත්තල සහ රත්මලාන යන ගුවන් තොටුපොළවල් ඉන්දියාවේ සමාගමකට ලබාදීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුවී ඇතැයි වාර්තා වේ.
මෙම ගුවන් තොටුපොළවල පර්යන්ත නවීන තාක්ෂණය අනුව දියුණු කිරීමටද කටයුතු යොදා ඇතැයිද සංචාරක අමාත්‍යාංශය කියයි.
ඉකුත් වසරට (2023) සාපේක්ෂව මේ වසරේදී සංචාරකයන්ගේ පැමිණීම සියයට 106කින් වර්ධනයවී ඇති බවත්, ඉකුත් වසරේ අප්‍රේල් මාසයේදී සංචාරකයන් 102,000 ක් මෙරටට පැමිණියද, ජනවාරි මාසයේදී ඊයේ (31 වැනිදා) දිනය වන විටදී සංචාරකයන් 201,683 දෙනකු මෙරටට පැමිණ ඇති බවත් සංචාරක හා ඉඩම් සහ ක්‍රීඩා හා යෞවන කටයුතු ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය.
“ස්ථාවර රටකට සැවොම එක මඟකට“ මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ ඊයේ (31) පැවැති මාධ්‍ය හමුවේදී ඇමැතිවරයා මේ බව කියා සිටියේය.
මෙරට තරු පන්තියේ හෝටල් කාමර 15,000 ක්ද, අනෙකුත් හෝටල් කාමර 40,000 ක්ද පවතින බවද ඇමැතිවරයා සඳහන් කළේය.
වසර 2030 වන විටදී මෙරටට පැමිණෙන සංචාරකයන් සංඛ්‍යාව මිලියන හතරක් දක්වා ඉහළ දැමීමට සංචාරක ක්ෂේත්‍රය දියුණු කිරීමට බලාපොරොත්තු වන බවද ඇමැතිවරයා පැවසීය.
මෙරට පවතින සංචාරක කලාප 49 ඉදිරියේදී 64 ක් දක්වා වැඩි කිරීමට බලාපොරොත්තු වන බවත්, ලංකාව ඇතුළත ගුවන් සේවා දෙකක් ආරම්භ කිරීමට කටයුතු යොදා ඇති බවත් ඇමැතිවරයා සඳහන් කළේය.