gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

ඩලස්, ජනපතිට වැලිකඩ සිහිපත් කරයි

ජනපතිවරයා නීතියේ ආධිපත්‍යට අභියෝග කරමින් නීතිය සෙල්ලමකට ගෙන ප්‍රජාතන්ත්‍රවාදයට මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කර හෝ බලය රැක ගැනීමට වෑයම් කරන බවත් නිදහස ජනතා සභාවේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම චෝදනා කරනවා.

ජනපති රනිල්ගේ ක්‍රියාකලාපය විධායක ජනාධිපති ධුරයේ නරකම පූර්වාදර්ශයක් බව පවසන ඔහු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, මැතිවරණ ක්‍රියාවලිය, ව්‍යවස්ථාදායක සභාව, ස්වාධීන කොමිෂන් සභා වැනි ජනතාවගේ පරමාධිපත්‍ය තහවුරු කරන ආයතනවලටද බලපෑම් කරන බව කියා සිටිනවා.

මෙරට ඉතිහාසයේත් ලෝක ඉතිහාසයේත් මෙලෙස හැසිරුණු කිසිවෙකුට ගෞරවයක් ලැබී නැති බවත් වැලිකඩ හිරගෙදර අවසන් ලිපිනය කරගැනීමට කැමැති නම් මෙලෙස හැසිරෙන ලෙසත් මන්ත්‍රීවරයා කියා සිටියා.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka