gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

දමිතා හා සැමියා වරෙන්තු නැතිව අත්අඩංගුවට ගන්න එපා! පොලිසියට නියොගයක්!

ජනප්‍රිය නිළි දමිතා අබේරත්න සහ ඇයගේ සැමියා විසින් ගොනුකර ඇති අපේක්ෂිත ඇප අයදුම් පතට අදාළ විමසීම් අවසන් වනතෙක් වරෙන්තුවක් නොමැතිව ඔවුන් අත්අඩංගුවට නොගන්නා ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා පොලිසියට ඊයේ (28) නියෝග කළේය.

කොරියාවේ රැකියා ලබා දෙන බව පවසා රුපියල් ලක්ෂ 30 කට ආසන්න මුදලක් වංචා කරන ලදැයි කියන සිද්ධියකට අදාළව තමන් අත්අඩංගුව ගතහොත් ඇප ලබාදෙන ලෙස ඉල්ලා ජනප්‍රිය නිළි දමිතා අබේරත්න සහ ඇයගේ සැමියා විසින් ගොනු කරන ලද අපේක්ෂිත ඇප අයදුම් පත්‍රයක් ඊයේ සලකා බැලූ අවස්ථාවේදී මහෙස්ත්‍රාත්වරයා එලෙස නියෝග කළේය.

තම සේවාදායකයන්ට එරෙහිව මෙම පැමිණිල්ල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමු කර ඇත්තේ පොලිස්පතිවරයා විසින් බව දමිතා අබේරත්න සහ ඇයගේ සැමියා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ අජිත් පතිරණ අධිකරණයට දන්වා සිටියේය.

නමුත් චක්‍රලේඛයන්ට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමු කළ හැක්කේ රුපියල් මිලියන 25 ට වැඩි වංචා පැමිණිලි පමණක් බව දන්වා සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ අජිත් පතිරණ මෙම පැමිණිල්ල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ අංශයට යොමු කර ඇත්තේ කෙසේදැයි ප්‍රශ්න කර සිටියේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා ලබන මාර්තු 6 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ අංශයට නොතීසි නිකුත් කළේය.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka