2014 වසරේදී බොරැල්ලේදී අයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් දෙමටගොඩ චමින්ද ඇතුළු සිව්දෙනෙකුට නඩු පවරා තිබෙනවා. කෙසේ වෙතත්, මේ වන විට භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතන වරදට මරණ දණ්ඩනය ඔහුට නියම වී තිබෙනවා.
මෙම නඩුකරයට අදාළව තිබූ නඩු භාණ්ඩ මේ වන විට අතුරුදහන්ව ඇති අතර මේ ගැන කරුණු දක්වන්නැයි කොළඹ මහාධිකරණය බොරැල්ල පොලිස් ස්ථානාධිපතිවරයාට සිතාසි නිකුත් කරනු ලැබුවා.
මෙම වෙඩි තැබීම සිදුවන අවස්ථාවේ හැඳ සිටි කලිසම සහ ටීෂර්ටය ඩී.එන්.ඒ පරීක්ෂාව සඳහා යොමු කිරීමට ලැබී නැති බව රජයේ නීතිඥවරිය අධිකරණය හමුවේ පැවසුවා.