gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ධර්මදාසලාග් නවලෝකය හැටන් නැෂනල් බැංකුවට සින්න වෙයි.. සින්න වූ නවලෝක රෝහල විකුණා දැමීමට අධිකරණයෙන් අවසර..

Lanka Hot News රුපියල් කෝටි 63කට ආසන්න බැංකු ණය නොගෙවීම නිසා බැංකුවට සින්න වූ කොළඹ නවලෝක පෞද්ගලික රෝහල විකිණීම වළකාලමින් නිකුත් කර තිබු තහනම් නියෝගය කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු ජගත් කහඳගමගේ විසින් ඉවත් කර තිබෙනවා.

එහිදී මෙම නවලෝක රෝහල විකිණීම වළකාලමින් තහනම් නියෝගයක් නිකුත් කර ඇති ආකාරය ගැටළු සහගත බව පෙන්වා දෙමින් නීතීඥ ප්‍රියන්ත අලගියවන්න ඉදිරිපත් කළ ඉල්ලීම පිළිගනිමිනුයි මහාධිකරණ විනිසුරුවරයා අදාළ තහනම් නියෝගය ඉවත් කරනු ලැබුවේ.

නවලෝක රෝහල විසින් හැටන් නැෂනල් බැංකුවට එරෙහිව ඉදිරිපත් කර තිබු පෙත්සමක් සළකා බැලීමෙන් අනතුරුව අදාළ පෞද්ගලික රෝහල විකිණීම වළකාලමින් අධිකරණය විසින් මීට පෙරාතුව තහනම් නියෝගයක් නිකුත් කරනු ලැබුවා.

එම තහනම් නියෝගය ඉවත් කරන්නැයි ඉල්ලමින් හැටන් නැෂනල් බැංකුව ප්‍රතිවිරෝධතා ගොනු කරමින් අදාළ පෞද්ගලික රෝහල ඉදිකිරීමට වැය වු මුදල් ගෙවීම සඳහා හැටන් නැෂනල් බැංකුවෙන් ලබාගත් රුපියල් කෝටි 63කට ආසන්න බැංකු ණය මුදල් ගෙවා නැතැයි බැංකුව වෙනුවෙන් පෙනී සිටි නීතීඥ ප්‍රියන්ත අලගියවන්න අධිකරණයට කරුණු ඉදිරිපත්කරනු ලැබුවා.

පෙත්සම්කාර නවලෝක රෝහල අයත් සමාගම තම බැංකුවෙන් ලබාගත් ණය මුදල් සහ ඊට අදාළ පොළිය නොගෙවීම නිසා ණය ගැනීමේදී ඇපයක් වශයෙන් තබා තිබූ එම පෞද්ගලික රෝහල සහ ඊට අදාළ පරීශ්‍රය විකුණා ණය මුදල් හා ඊට අදාළ පොළිය අයකර ගැනීමට බැංකුවේ අධ්‍යක්‍ෂ මණ්ඩලය තීරණයක් ගෙන ඇතැයි පෙන්වා දුන් නීතීඥ ප්‍රියන්ත අලගියවන්න තම බැංකුව කටයුතු කර ඇත්තේ බැංකු මඟින් ප්‍රදානය කරන ණය ආපසු අයකර ගැනීමේ විශේෂ විධිවිධාන පනත අනුව යැයිද එහිදී පෙන්වා දෙනු ලැබුවා.

නීත්‍යානුකූලව තම බැංකුව කටයුතු කර තිබියදී, අදාළ දේපළ විකුණා තම ණය මුදල හා ඊට අදාළ පොලිය අයකර ගැනීම වළකාලමින් තහනම් නියෝගයක් නිකුත් කිරීම ගැටළු සහගත බව පෙන්වා දුන් නීතීඥ ප්‍රියන්ත අලගියවන්න අදාළ තහනම් නියෝගය ඉවත් කරන්නැයි අධිකරණයෙන් ඉල්ලා සිටි‍යා.

දෙපාර්ශ්වයෙන්ම ඉදිරිපත් වු සියළු කරුණු සළකා බැලු විනිසුරුවරයා අදාළ පෞද්ගලික රෝහල විකිණීම වළකාලමින් නිකුත් කර තිබු තහනම් නියෝගය ඉවත් කිරීමට නියම කළා.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka