gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

''හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තගේ මරණයට හේතු කියන්න බැහැ'' වැලිසර මහේස්ත්‍රාත් කියයි

අභාවප්‍රාප්ත රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තගේ මරණයට අදාළව සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව මේ දක්වා තම අධිකරණයට ඉදිරිපත් වී නොමැති බැවින් එම මරණයට හේතුව ප්‍රකාශයට පත් කිරීමේ අයිතියක් අධිකරණයට නොමැති බව වැලිසර මහේස්ත්‍රාත් තුසිත ධම්මික උඩුවවිතාන ඊයේ (23) විවෘත අධිකරණයේ දී ප්‍රකාශ කළා.

රාජ්‍ය අමාත්‍යවරයාගේ බිරිඳගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ සඳහන් කළේ සිය සේවාදායිකාව එම හදිසි අනතුර හා ඇගේ සැමියාගේ මරණය සම්බන්ධයෙන් අගතියට පත් වී ඇති බවයි.

එබැවින් මරණයට හේතුව ප්‍රකාශයට පත් කරන ලෙස මහේස්ත්‍රාත්වරයාගෙන් ඉල්ලා සිටියා.

රිය අනතුරක් සිදු වූ විට ස්ථානීය පරීක්ෂණයක් සිදු කිරීමේ අවශ්‍යතාවක් නොමැති වූවත් පසුගිය 24 වනදා එකී ස්ථානය නීරීක්ෂණය කළ බවත් මහේස්ත්‍රාත්වරයා විවෘත අධිකරණයේදී පෙන්වා දුන්නා.

ඒ අනුව, අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා දැනුම්වත් කර එම පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව කඩිනමින් කැඳවීමට පියවර ගන්නා ලෙසයි කඳාන පොලිසියට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ.

ඊට අදාළ නඩුව ජූලි මස 1 වනදා යළි කැඳවනු ඇති.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka