gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ප්‍රතිජීවක එන්නත් ඕනෑවටත් වඩා ගෙන්වලා

රෝගී සත්කාර සේවා සඳහා වාර්ෂිකව අවශ්‍ය ඇතැම් ඖෂධ සහ එන්නත් වර්ග වෛද්‍ය සැපයුම් අංශය විසින් වුවමනාවටත් වඩා ඇණවුම් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ප්‍රතිජීවක එන්නත්, රුධිර කැටි ගැසීම වළක්වන ඖෂධ ඇතුළු තවත් ඖෂධ අධි තොග ඇණවුම් කර ගෙන්වා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවලදී අනාවරණය විය. එම නිසා වාර්ෂික ප්‍රසම්පාදන යටතේ ඇණවුම් භාරගත් සැපයුම්කරුවන්ට ඖෂධ වෛද්‍ය සැපයුම් අංශයට ලබාදීමට නොහැකි වී තිබේ.

ඒ අනුව ඉමිපෙනම් නමැති ප්‍රතිජීවක ඖෂධය වෛද්‍ය සැපයීම් අංශය මගින් පසුගිය වසරේ නොවැම්බර් මස එක් එන්නතක් රුපියල් 678 බැගින් එන්නත් ලක්ෂ තුනක් ලබාගෙන තිබියදී එම වසරේ දෙසැම්බර් මාසයේදීත් හදිසි මිලදී ගැනීම් යටතේ තවත් එන්නත් එක්ලක්ෂ පනස් දහසක් වෛද්‍ය සැපයුම් අංශය භාරගෙන ඇත.

දෙවැනි වර ඇණවුම් කළ එම එන්නතක් මිලදීගෙන ඇත්තේ රුපියල් 2025ක මුදලකටය.

මෙම එන්නත් වසර තුනකට පමණ ප්‍රමාණවත් තොග තිබියදී රාජ්‍ය ඖෂධ සංස්ථාව විසින් ඇණවුම් කළ එන්නත් දෙලක්ෂ හතළිස් දහසක තොගයක් වෛද්‍ය සැපයීම් අංශය වෙත භාරදී එය ප්‍රතික්ෂේප වී ඇත.

එම එන්නත් තොගය මේ වනවිට කන්ටේනර්වල තැන්පත් කර ගබඩා පරිශ්‍ර තුළ ඇත.

රුධිර කැටි ගැසීම වළක්වන ‘එනොක් නැපරින්’ ඖෂධයද එලෙස අධි තොග ලබාගෙන තිබේ.

මෙලෙස ඖෂධ හා එන්නත් අධි තොග ඇණවුම් කළ වෛද්‍ය සැපයීම් අංශයේ නිලධාරීන් සම්බන්ධයෙන් ක්‍රියාමර්ගයක් නොගැනීම පිළිබඳවද අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකදී අවධානය යොමුකර තිබේ.

මේ අතර වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේ මෙලෙස ඖෂධ අධි තොග ඇණවුම් කිරීම සොයා බැලීම සඳහා විශේෂ ජනාධිපති කොමිසමක් පත්කළ යුතු බවය.

එමගින් වගකීම් විරහිතව ක්‍රියා කරන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇතුළු නිලධාරීන් වහා ඉවත් කළ යුතු බවද එම සන්ධානයේ සභාපති වෛද්‍ය චමල් සංජීව සඳහන් කළේය.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් වෛද්‍ය සැපයුම් අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජී. විජේසූරියගෙන් ‘සති අග අරුණ’ කළ විමසීමකදී ඔහු සඳහන් කළේ එවැනි ඇණවුමක් කර ඖෂධ ගෙන්වීමක් ගැන තමා නොදන්නා බවත්, තමා මෙම ධුරයේ වැඩ බාරගෙන දැනට මාසයක කාලයක් වන බවත්ය.

එම නිසා එවැනි ඇණවුමක් කර ඖෂධ ගෙන්වීමක් සිදුකර ඇති බවට තමාට තොරතුරු අනාවරණය වුවහොත් ඒ පිළිබඳ කටයුතු කරන බවද නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේය.

-චාමර පල්ලේගෙදර
-aruna
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka