gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ක්‍රිෂ් ගනුදෙනුවේ දී නාමල් එක්කම ගේම ගැසූ බවට චෝදනා ලද හිටපු ඩි.අයි.ජී. රවී විද්‍යාලංකාරට එරෙහිව අල්ලස් කොමිසම විමර්ශන අරඹයි!

කොළඹ කොටුව ක්‍රිෂ් ට්‍රාන්ස්වර්ඩ් චතුරස්‍රයේ අක්කර 4.3ක් බදු දීමේදී සිදු වී ඇතැයි කියන රුපියල් මිලියන 70ක මුදල් අක්‍රමිකතාව සම්බන්ධයෙන් හිටපු ක්‍රීඩා ඇමැති පාර්ලිමේන්තු මන්ත්‍රී, නාමල් රාජපක්ෂට එරෙහිව පවරා ඇති නඩුව විමර්ශන කළ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයේ ප්‍රධානියා ලෙස කටයුතු කළ විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති රවී විද්‍යාලංකාර  සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විමර්ශන ආරම්භ කර ඇති බව අල්ලස් කොමිසම වාර්තාවක් ඉදිරිපත් කරමින් කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා හමුවේ ඊයේ (28) දැනුම් දුන්නේය.
පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයේ ප්‍රධානියා වන විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති රවී විද්‍යාලංකාර යන අය ක්‍රිෂ් සමාගමේ අධ්‍යක්ෂවරයකු ලෙස කටයුතු කිරීම සම්බන්ධයෙන් නැවත පරීක්ෂණ ආරම්භ කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ   අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කළ නියෝගය අනුව ඔහුගෙන් ඉදිරි දිනයක ප්‍රකාශයක් සටහන් කිරීමට නියමිත බවත් ඊට අදාළ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියේය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදු කළ එවකට සිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී විද්‍යාලංකාර යන අය විසින් අල්ලස් ගෙන විමර්ශන නිසියාකාරව සිදු කර නැති බවට ජාතික ජන බලවේගයේ විධායක සභික වසන්ත සමරසිංහ  වෙනුවෙන් අධිකරණයට කරුණු දක්වමින් නීතිඥ සුනිල් වටගල ඇතුළු නීතිඥ මඩුල්ල පෙර දින සිදු කළ ඉල්ලීම අනුව කළ නියෝගවල ප්‍රගතිය පරීක්ෂා කිරීමට නඩුව ඊයේ නැවත කැඳවිණි.

එමෙන්ම මෙම සිද්ධිය සම්බන්ධයෙන් අල්ලස් කොමිසමට ලැබුණු පැමිණිල්ල සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනවලට අදාළ වාර්තාවක් අධිකරණයට යොමු කරන ලෙස අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත කළ අධිකරණ නියෝගය ප්‍රකාරව අද වාර්තාවක් ගොනු කර තිබිණි.

“රවී විද්‍යාලංකාර යන අය විමර්ශන නොමග යවා තියෙනවා. බී වාර්තා 18න් 15 ක් නොමග යවලා. 2016.7.11 අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නාමල් රාජපක්ෂ යන අය මීට අදාළව අත්අඩංගුවට ගෙන ඇප නොදෙන ලෙසත් ක්‍රිෂ් ගොඩනැඟිල්ල පරීක්ෂා කර ලේඛන අත්අඩංගුවට ගැනීමට ඇති බවත් අධිකරණයට කරුණු වාර්තා කර තිබෙනවා.

ඊට පසු දින (2016.07.12) රවී විද්‍යාල­කාර යන අය ක්‍රිෂ් ආයතනයට ලිපියක් යොමු කරමින් මෙහි වංචනික ගනුදෙනුවක් සිදු වී නැති බව දැනුම් දී ඇතැයි දීර්ඝ ලෙස කරුණු ඉදිරිපත් කරමින් නීතිඥ සුනිල් වටගල අධිකරණයට දක්වා සිටියේය.

විමර්ශන යට ගසමින් අල්ලස් ලබා ගෙන නිවාස පවා ලබා ගෙන වරදාන ලබා ගෙන ඇති රවී විද්‍යාලංකාර යන අය 2022 වනවිට ක්‍රිෂ් සමාගමේ අධ්‍යක්ෂවරයකු ලෙස කටයුතු කළ බව අධිකරණයට දන්වා සිටි නීතිඥවරයා රාජ්‍ය මුදල් අවභාවිත කරමින් කටයුතු කළ මෙම පුද්ගලයන් සම්බන්ධයෙන් අධිකරණයේ අවධානය යොමු කරන බව කීය.

එම සිද්ධිය සම්බන්ධයෙන් ඇප මත මුදා හැර ඇති පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ  නඩුව කැඳවූ අවස්ථාවේදී විවෘත අධිකරණයේ පෙනී සිටි අතර පැමිණිලිකරු වන වසන්ත සමරසිංහ ද අධිකරණයේ පෙනී සිටියේය.

රුපියල් මිලියන 70ක පමණ මූල්‍ය අක්‍රමිකතාවයක් සිදුව ඇති බවට දූෂණ විරෝධී හඬ සංවිධානය පොලිස්පතිවරයාට සිදු කළ පැමිණිල්ලකට අනුව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදු කර ඇත. 
( සුභාෂිනී සේනානායක – දිනමිණ)
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka