gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

වර්ජිත සෞඛ්‍ය සේවකයන්ට දිගටම ගෙදර ඉන්නැයි කියයි.. එම සේවා පුද්ගලික අංශයට දෙන්න යෝජනා..

වැඩ වර්ජනයක යෙදී සිටින සෞඛ්‍ය වෘත්තීය සමිතිවල සේවකයන් දිගටම තම නිවසේ රැඳී සිට එම වර්ජනය කරගෙන යන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදය ඉල්ලා සිටී. එහි සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා සඳහන් කරන්නේ රජයේ රෝහල්වලට සුළු සෞඛ්‍ය සේවකයන් පත් කිරීමෙන් රජය සැලකිය යුතු මට්ටමේ වරදක් කර ඇති බවය.

විදේශ රටවල සෞඛ්‍ය සේවාවල මෙම කටයුතු සිදු කරන්නේ පෞද්ගලික සමාගම් වලින් බවත් පවසන ඔහු මෙම කාර්යයන් රජයේ සේවයක් බවට පත් කිරීම රජයෙන් සිදුවූ සැලකිය යුතු වරදක් බවද පෙන්වා දෙයි.

දේශපාලනඥයන්ට මැතිවරණ වලට සහයෝගය ලබාදුන් පුද්ගලයන් මෙසේ පත්කර ඇත්තේ ඔවුන් තෘප්තිමත් කිරීම සඳහා බවද හෙතෙම කියා සිටියේය.

මෙතරම් පුද්ගලයන් සෞඛ්‍ය සේවයට පත් කිරීම හරහා රජයට කිසිදු මුල්‍යම වාසියක් අත් කරන දී නැති බවත් ඒ වෙනුවට එහි ප්‍රතිවිපාක රජයට වඩා ජනතාවට අහිතකර ලෙස දැනෙමින් ඇති බවත් හෙතෙම පෙන්වා දෙයි.

වෛද්‍යවරුන්ට ලබා දීමට රජය තීරණය කර ඇති DAT  දීමනාව හෝ ඊට සමාන දීමනාවක් ඉල්ලමින් සෞඛ්‍ය වෘත්තිය සමිති හැත්තෑ දෙකක් මේ වනවිට වැඩ වර්ජනයක නිරත වී සිටයි.

ඒ හේතුවෙන් රජයේ රෝහල් රැසක ප්‍රතිකාර කටයුතුවලට බාධා එල්ල වී ඇත.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka