gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

බඩගින්නේ ඉන්නා ජනතාවට සමච්චල් කරමින් දෙස් විදෙස් ප්‍රභූවරුන් ඉදිරියේ හමුදා පෙළපාළි පෙන්වා මේ සමරන්නේ කාගේ නිදහස ද?… කාදිනල් හිමියෝ ප්‍රශ්න කරති!

දෙස් විදෙස් ප්‍රභූ වරුන් ඉදිරියේ හමුදා පෙළපාළි යවමින් බඩගින්නේ ඉන්නා ජනතාවට සමච්චල් කර මේ සමරන්නේ කාගේ නිදහසක් දැයි කොළඹ අගරදගුරු අති ගරු මැල්කම් කාදිනල් රන්ජිත් හිමිපාණෝ අද (04) ජාතියෙන් ප්‍රශ්න කර සිටියහ.
උන් වහන්සේ මේ බව ප්‍රකාශ කළේ තමන්වහන්සේ ගේ  ප්‍රධානත්වයෙන්  අද (04)  නිදහස් දින කතෝලික දේව මෙහෙය පුංචි බොරැල්ල සියලු ශාන්තුවරුන්ගේ දේවස්ථානයේ පැවති අවස්ථාවේ දී ය.


මෙහිදී කාදිනල් හිමිපාණන් නිදහස් දින ප්‍රකාශය කරමින් අවධාරණය කළේ මේ පීඩාකාරී පාලක පැලැන්තියෙන් මේ රට ගලවාගෙන සැබෑ ලෙසම රටට ආදරය කරන නව නායකත්වයක් වෙත භාර දිය යුතු බවය.

උන්වහන්සේ මෙසේ ද පැවසූහ.

“අද ශ්‍රී ලංකාව දේශපාලනමය වශයෙනුත් ආර්ථික වශයෙනුත් ඉතා පහත් මට්ටමක පැවතීම නිසා මා ඒ නායකයින්ගෙන් අසා සිටින්නේ මේ සමරන්නේ කාගේ නිදහස ද ඔවුන්ගේ නිදහස ද නැතිනම් මේ රටේ ජනතාවගේ නිදහසද කියලා.

පිටරට නියෝජිතයන් ගෙන්වා තානාපතිවරුන්, රටේ ප්‍රභූවරුන් ඉදිරියේ යුද්ධ හමුදා පෙළපාළි පොලිස් හා ගුවන් යානා පෙරෙට්ටු පෙන්නමින් බඩගින්නේ ඉන්න පුරවැසියන් ඔවුන් ඉදිරියේ සම්ච්චලට ලක් කිරීම නිදහසදැයි මා ප්‍රශ්න කරන සිටිනවා.

මේ සුන්දර අපේ මව්බිව ඇත්තෙන්ම අවාසනාවන්තයි. අප කළ යුත්තේ එය මේ පීඩාකාරී පාලක පැලැන්තියේ ග්‍රහණයෙන් මුදවා ගැනීමට කටයුතු කිරීමයි.
රටට සැබවින්ම ආදරය කරන නව නායකත්වයකට එය භාර දිය යුතු වෙනවා කියා මා අවංකවම විශ්වාස කරනවා.”
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka