‘නිදහස’ කාර්යාලයේ බඩු ඉවත්කරති.. මන්ත‍්‍රීවරුන් දෙකට තුනට කැඩේ..
ඩලස් අලහප්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන් යුතුව පිහිටුවන ලද නිදහස ජනතා සභාවේ ප‍්‍රධාන කාර්යාලයේ බඩු භාණ්ඩ රැසක් ඉවත් කරගෙන ගොස් තිබේ. ඒ දැනට සමගි ජන බලවේගය සමඟ එක්ව කටයුතු කරන නිදහස ජනතා සභාවේ කිහිප දෙනෙකු විසිනි.
මෙම කාර්යාලය කුලී පදනම් මත පවත්වාගෙන යන අතර බඩුභාණ්ඩ රැසක් සපයා තිබුණේ මහාචාර්ය ජී.එල් පිරිස් මහතා විසිනි.
දැනට ඔවුන් සමගි ජන බලවේගයට සහාය දීමට කටයුතු කරමින් සිටින නිසා මෙසේ බඩු භාණ්ඩ ඉවත් කරගෙන ගොස් තිබේ.
නිදහස ජනතා සභාව මේ වන විට කණ්ඩායම් කිහිපයකට බෙදී විවිධ මතයන් දරමින් සිටිති.
‘නිදහස’ කාර්යාලයේ බඩු ඉවත්කරති.. මන්ත‍්‍රීවරුන් දෙකට තුනට කැඩේ..
2024-02-04T13:52:00+05:30
Gossip Lanka Hot News






