gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ජලය විකුණන පනත සූදානම්.. බොන ජලයට, වගා ජලයට මිලක්..

ආණ්ඩුව විසින් ජල වෙළඳපොළ සංකල්ප යටතේ ජලය විකුණා දැමීමේ සූදානමක් පවතින බව ජාතික ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා පවසයි. ඒ හරහා බොන වතුරට ද මිලක් අය කරනු ඇති බවත් වගා ජලයට ද මිලක් නියම වනු ඇති බවද ඔහු පෙන්වා දෙයි.

ජලය පෞද්ගලිකරණය කිරීමේ උත්සාහයට දීර්ඝ ඉතිහාසයක් පවතින බවත් ඒ සෑම අවස්ථාවකදීම ජනතා උද්ඝෝෂණ හමුවේ ඒවා යටපත් වූ අතර නැවතත් වර්තමාන ආණ්ඩුව එය ඉදිරියට ගෙන ඇවිත් තිබෙන බවත් ඔහු කියා සිටී.

දැනටමත් ඊට අදාළ කැබිනට් පත්‍රිකාවට අනුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ජල කළමනාකරණ කරන පනත් කෙටුම්පතක් සකස් කරමින් සිටින බවද පවසන ඔහු මෙම ජනතා විරෝධී ජල පනත කිසිසේත්ම සම්මත වීමට ඉඩ නොදෙන බවත් තවදුරටත් කියා සිටියේය.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka