gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

සුභාෂ්කරන් යළි ලංකාවට; පක්ෂයකුත් ගන්න ගිහින්; ටෙලිකොම් ගැන ජනපති එක්ක යළි කතා

ලයිකා මොබයිල් හිමිකරු සුභාෂ්කරන් අලි රාජා ලබන සතියේ යළි ලංකාවට පැමිණීමට නියමිතව ඇතැයි වාර්තා වේ. සුභාෂ්කරන් ඉදිරිපත් කරන ලද එක්සත් රාජධානියේ ලයිකා සමූහයට අයත් පෙටිගෝ කොමර්සියො ඉන්ටර්නැෂනල් සමාගම (Pettigo Comercio International LDA c/o NDB Investment Bank Ltd) ටෙලිකොම් ආයතනයේ කොටස් මිලදී ගැනීම සඳහා කෙටි ලයිස්තුගත කරන ලද සමාගම් ලයිස්තුවට ඇතුළත් නොවීම ගැන ජනපති හා සාකච්ඡා කිරීමට ඔහු මෙසේ ලංකාවට පැමිණනෙ බව පැවසේ.

අදාළ කෙටි ලයිස්තුවට මේවන විට ඇතුළත්ව ඇත්තේ ඉන්දියානු හා චීන සමාගම් දෙකකි.

ඒ චීනයේ ගෝවූන් ඉන්ටර්නැෂනල් ඉන්වෙස්ට්මන්ට් හෝල්ඩිංග්ස් (Gortune International Investment Holding Ltd c/o Capital Alliance Limited) සහ ඉන්දියාවේ ජියෝ ප්ලැට්ෆෝර්ම්ස් (Jio Platforms Ltd, Gujrat, India) යන සමාගම් දෙකය.

ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ රජය සතු 50.23% කොටස් විකුණා දැමීම අවශ්‍ය පියවර ගනිමින් තිබේ.

ටෙලිකොම් මිලදී ගැනීමට කෙටි ලැයිස්තුගත කිරීම සිදුකරනු ලැබුවේ මුදල් අමාත්‍යාංශයේ විශේෂ ව්‍යාපෘති කමිටුව සහ කැබිනට් මණ්ඩලය පත්කළ විශේෂ සාකච්ඡා කමිටුව විසිනි.

අරුණළු පක්ෂය ගන්න ගිහින් 

මේ අතර, ඥානම් ෆවුන්ඩේෂන් හි ශාඛා 25ක් ලංකාව පුරා ස්ථාපනය කරමින් අලිරාජා සුභාෂ්කරන් මහතා කරාමය ලකුණෙන් මැතිවරණ කොමසාරිස් කාර්යාලයේ ලියාපදිංචි අරුණලු ජනතා පෙරමුණ (Arunalu People’s Alliance) දේශපාලන පක්ෂය මිලදී ගැනීමට උත්සාහයක නිරතව ඇති බවද වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් අප අරුණලු ජනතා පෙරමුණේ නායක දොස්තර කේ.ආර්. ක්‍රිෂාන් මහතාගෙන් විමසීමක් කළ අතර, ඔහු සුභාෂ්කරන් මහතා සිය පක්ෂය සමඟ එක්ව කටයුතු කිරීමට සාකච්ඡා කළ බව කියා සිටියේය.

ඔහු පමණක් නොව හිටපු අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ද සන්ධානයක් සඳහා ආරාධනා කළ බවත්, ඔහු සමඟ ද තවත් වාමාංශික පක්ෂ කිහිපයක් සමඟ ද සාකච්ඡා පවත්වා ඇතැයි ඔහු කියා සිටි‍යේය.

1995 වසරේ සිට ක්‍රියාකාරී පක්ෂයක් වන සිය පක්ෂය ඉකුත් කාලයේදී පළාත් පාලන මැතිවරණය සඳහා පළ‍ාත් පාලන ආයතන 40 කට පමණ සාමාජිකයන් ඉදිරිපත් කළ කළ බවත් කියා සිටියේය.

‍කෙසේවුවද, සුභාෂ්කරන් මහතාගේ දේශපාලන අරමුණට රජයේ ප්‍රබල දේශපාලඥයකුගෙන් එල්ලවූ බලපෑමක් හේතුවෙන් මේවන විට ඔහු තාවකාලික පසුබෑමක් ලබා ඇතැයි ද වාර්තා වේ.

ජානකීගේ භූමිකාව

මේ අතර, සුභාෂ්කරන් මහතාගේ මෙරට ප්‍රධානම සහයිකාව ලෙස කටයුතු කරන නිළියක හා ටෙලි නාට්‍ය නිෂ්පාදිකාවක වූ ජානකී විජේරත්න මහත්මිය පසුගියදා අස්ගිරිය මහා විහාරයට ද ගොස් ඇතැයි වාර්තා වේ.

වැඩි විස්තර පසුවට….
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka