gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

මරලා තියෙන්නේ එල්.ටි.ටි.යෙන්ම තමයි… මුලතිව් සමූහ මිනී වළෙන් හමුවන ඇට සැකිලි දශක 2ට වඩා පැරණි බව විද්‍යාත්මක සාධක මත පර්යේෂකයෝ මුලතිව් අධිකරණයට දන්වති!

 
මුලතිව් කොක්කුතුඩුවායී සමූහ මිනී වලෙන් හමු වී ඇති මිනිස් ඇටසැකිළි මීට වසර විස්සකට වඩා පැරැණි මිනිස් ඇටසැකිලි බව පුරාවිද්‍යා  නිලධාරීන් හා මුලතිව් රෝහලේ වෛද්‍යවරු   මුලතිව් අධිකරණය වෙත පෙරේදා ( 22) දා  කරුණු ඉදිරිපත් කරමින් කියා සිටියහ.
කොක්කුතුඩුවායී සමූහ මිනී වළ සම්බන්ධයෙන් වූ නඩු විභාගය මුලතිව් මහේස්ත්‍රාත් ධර්මලිංගම් ප්‍රදීපන්   ඉදිරියේ පැවති අවස්ථවේදී එම නිලධාරීන් මෙතෙක් සිදු කළ පරීක්ෂණ විස්තර කරමින් අධිකරණයට මේ බව කියා සිටියහ.


සිදු කළ පරීක්ෂණවලට අනුව මෙම මිනිස් ඇටසැකිලි 1994 සිට 1996 දක්වා කාලයට අයත් බව ජෙයෂ්ඨ  මහාචාර්ය රාජ් සෝමදේවගේ වාර්තාවේ සඳහන් වන බවද  නීතිඥ වී.කේ.නිරංජන්  අධිකරණයට පැවසීය.

වෛද්‍යවරුන්ගේ වාර්තාවේ මිනිස් සිරුරුවල වයස, බර, ස්ත්‍රී පුරුෂභාවය  මරණයට හේතුව ආදී කරුණු සඳහන් කර නොමැති බවද නීතිඥවරයා පැවසීය.

කොකුතුඩුවායී සමූහ මිනී වළේ ඉදිරි කැණීම් කටයුතු කරගෙන යාම සදහා අවශ්‍ය මුදල් නොමැතිකම නිසා දැනට වසා දමා තිබේ. එම සමූහ මිනි වළේ  කැණීම් යළි ආරම්හ කිරීමට නොහැකිව ඇති බවද නිලධාරීන් අධිකරණය හමුවේ කියා සිටියහ. 

අනතුරුව මෙම නඩුවේ මීළග විභාග කිරීම මාර්තු මස 4 වෙනිදාට මහේස්ත්‍රාත්වරයා විසීන් කල් දමනු ලැබීය.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka