චන්ද්‍රිකාගෙන් විශේෂ ප‍්‍රකාශයක්.. ජනාධිපතිවරණය ගැන කියයි..
ඉදිරියේ පැවැත්වෙන ජනාධිපතිවරණයක තම සහය පළ කිරීම සම්බන්ධයෙන් පළවන මාධ්‍ය වාර්තා අසත්‍ය බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය සඳහන් කරයි. තමන් ඉදිරි ජනාධිපතිවරණයේදී සහ කිසිදු අපේක්ෂකුට සහාය දීමක් සම්බන්ධයෙන් තීරණය කර නැති බවද ඇය කියා සිටී.
එමෙන්ම පොදු ජන එක්සත් පෙරමුණේ නායකත්ව මණ්ඩලයේ නායකත්වය තමන් බාර ගැනීම සඳහා මෙසේ මෙතෙක් කිසිදු තීරණය ගැන නැති බවත් ඇය සඳහන් කරන්නීය.
තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය මේ බව පවසා තිබේ.
චන්ද්‍රිකාගෙන් විශේෂ ප‍්‍රකාශයක්.. ජනාධිපතිවරණය ගැන කියයි..
2024-02-15T08:01:00+05:30
Gossip Lanka Hot News






