gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

සෙවනපිටිය දුම්රිය හරස් මාර්ගයේ දී 15 දෙනෙක් ඝාතනය කිරීමේ වරදට මරණීය දණ්ඩනය නියමව සිටියදී සැඟව සිටි මනිමරු රියදුරු අත් අඩංගුවට…

මීට අවුරුදු 14කට පෙර වැලිකන්ද පොලිස් වසමේ පොළොන්නරු මඩකලපුව ප්‍රධාන මාර්ගයේ  පිහිටි සෙවනපිටිය දුම්රිය හරස් මාර්ගයේ ආරක්ෂිත ගේට්ටුව කඩාගෙන ගොස්   15 දෙනෙක් ඝාතනය කර 40 දෙනෙකුට තුවාල සිදුකළ වරදට    මරණීය දණ්ඩනය නියම වී සිටිය දී සැඟව උන් මිනීමරු බස් රථ රියදුරා අද (14) අලුයම  වැලිකන්ද පොලිස් මාර්ග බාධකයේදී අත්අඩංගුවට ගත් බව වැලිකන්ද පොලීසිය කියයි.
කිසිම මාර්ග නීතියක් නොසලකා ධාවනය කර බස් රථය දුම්රිය හරස් මාර්ගයට ඇතුළු කරමින්  මේ අශිෂ්ට මිනිසා අනතුරට ලක් කරන්නේ  පෙරපාසල් දරු පිරිසකි. එම නොදරුවන් සහ ඔවුන්ගේ දෙමව්පියන් විනෝද චාරිකාවක් සඳහා මේ බස් රථයේ ගමන් කරමින් සිටියහ. අසරණ දරු පැටවු 07 දෙනෙක් එම ස්ථානයේ දීම මිය ගියහ.

රටම කම්පා කළ එම බිහිසුණු  සිදුවන්නේ වර්ෂ 2009 මැයි 16 වෙනිදා ය. අනතුරින් 15 දෙනෙක් මිය ගියහ. 14 දෙනෙක් අතිශය බරපතල තුවාල ලදහ. 26 දෙනෙක් තුවාල ලබා වසර ගණනක් එක් තැන් වී සිටියහ.

පුරා වසර 14ක් තිස්සේ නඩු ඇසීමෙන් අනතුරුව 2023.09.22 දා පොලොන්නරුව මහාධිකරණය සිය තීන්දුව ප්‍රකාශ කරමින් මෙම මිනීමරු රියදුරාට මරණීය දණ්ඩනය නිමය කළේය.

එම තීන්දුව ලබා දෙන්නේ මහාධිකරණ විනිසුරු එස්.ඒ.අයි.එස් සුරවීර විසිනි. මරණීය දන්ඩනය නියම කරන තීන්දුව ප්‍රකාශ කරන්නට වසරක පමණ සිට මෙම පුද්ගලයා අධිකරණය මගහැර සිටියේය. ඔහු අවසන් වරට අධිකරණය ඉදිරියේ පෙනී සිට තිබුණේ 2022.08.05 වැනි දා ය. එතැන් සිට සැඟවි සිටි මිනීමරු රියදුරුට එරෙහිව අධිකරණය වරෙන්තු පනවා තිබිණි.  සැඟවි සිටින මෙම අපරාධකරු  අත් අඩංගුවට ගැනීමට පොලිසිය දැඩි ඉවසිමකින් යුතුව රහසිගත මෙහෙයුමක් දියත් කර තිබිණි.

අද (14 )   අලුයම 4.00 ට පමණ   වැලිකන්ද පොලිස් මාර්ග බාධකයේ දී අත්අඩංගුවට මෙම පුද්ගලයා අත් අඩංගුවට පත් වන්නේ එහි ප්‍රතිඵලයක් ලෙස බව වැලිකන්ද පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සමන්ත රත්නායක අප කළ විමසුමක දී පැවසුවේය.

පොළොන්නරුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිශාන් ද සිල්වා  ගේ උපදෙස් මත වැලිකන්ද සහකාර පොලිස්  අධිකා‍රි ප්‍රගති ලක්මිණි  ගේ මෙහෙයවීමෙන්, වැලිකන්ද පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සමන්ත රත්නායක, අපරාධ අංශ‍යේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක එච්.එම්.සියාම්, 51099 ආර්.එම්.එම්.රත්නායක   ඇතුළු අපරාධ අංශයේ පොලිස් නිලධාරින් පිරිසක් මෙම මෙහෙයුමේ නිරත වූහ.

අත්අඩංගුවට ගත් සැකකරු හෙට 15   පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව වැලිකන්ද පොලිසිය සඳහන් කරයි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka