gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

සරත් ෆොන්සේකා මා සම්බන්ධව මතු කරන විරෝධය සජිත් බලා ගනීවි… දයා රත්නායක කියයි!

තමන් සම්බන්ධව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මතුකරන විරොධය පක්ෂ නායකත්වය විසින් බේරා ගනු ඇති බවත් අද මේ රට මෙවැනි තත්ත්වයක පවතින්නේ මේ ආකාරයේ හැසිරීම් හෙතුවෙන් බවත් සමගි ජන බලවේගයට එක් වූ හිටපු හමුදාපති දයා රත්නායක ප්‍රකාශ කරයි.
නෙත් රතුකට්ට විශේෂාංගයට එක් වෙමින් දයා රත්නායක ප්‍රකාශ කරන්නේ මීට වඩා වැඩි අභියෝග ජීවිතයේ පැමිණ ඇති බවය. තමන් විනයක් සහිත හමුදා නිලධාරියෙක් හේතුවෙන් තමන්ට වඩා ජ්‍යෙෂ්ඨ ෆීල්ඩ් මාර්ෂල්වරයාගේ චෝදනාවලට උත්තර බැඳීමට උත්සාහ නොකරන බව පවසන හිටපු හමුදාපතිවරයා තමාගේ පැමිණීම ඔහුට ප්‍රශ්නයක් වුව ද තමන්ට කිසිම ප්‍රශ්නයක් ඒ සම්බන්ධව මතුවී නැති බවය.

එමෙන්ම මතුවී ඇති ප්‍රශ්න විසඳාගන්නා තෙක් ක්‍රියාකාරී වගකීම් කොටසක් භාර නොගන්නා බවද හිටපු හමුදාපතිවරයා පවසයි.

තමන් හමුදාපතිවරයා වූ ආකාරය සම්බන්ධව ප්‍රකාශ නිකුත් කරන සරත් ෆොන්සේකා එවැනි ප්‍රකාශ කරනු ඇත්තේ තමන් සම්බන්ධව කල්පනා කිරීමෙන් විය හැකි බැවින්  ඊට ද පිළිතුරු බැඳීමට තමන් අකමැති බව ඔහු ප්‍රකාශ කරයි.

“ එතුමාට ඒකට මම මුකුත් කියන්න යන්නේ නෑ. එතුමාගේ මට්ටමින් අනිත් අයත් මනින්න යන්නෙ. ඒක එතුමාගේ වැඩක් වෙන්න ඇති. එතුමගේ අදහස ඒක.”

“ඒ වගේම නායකතුමා මට දැනටමත් කියලා තියනවා ඒවා ඒ අය විසඳගන්නම්. අපේ වැඩ කටයුතු ටික අපි කරනෙ යමු කියලා. ඒවා මෙහෙම තමයි. මේ වගේ අභියෝග තමයි අපේ රටේ තියෙන්නේ. ඒ නිසා තමයි රට මේ තත්ත්වයේ තියෙන්නේ. ඒ නිසා තමයි අපි මේ රට වෙනස් කරන්නම ඕන. මේවට බය වෙලා ලජ්ජා වෙලා නිහඬව හිටපු කාලය ඉවරයි කියලා හිතලා අපේ කණ්ඩායම එකතු වෙලා වැඩ කරනවා.” හිටපු හමුදාපති දයා රත්නායක පවසා සිටියි.
-lankasara
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka