gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

තංගල්ල පංච පුද්ගල ඝාතනයේ ප්‍රධාන වෙඩික්කරුගේ බිරියගෙන් තංගල්ල මහේස්ත්‍රාත්වරයාට රහස් ප්‍රකාශයක්!


අපේ ජන බල පක්ෂයේ නායක සමන් පෙරේරා ඝාතන සිද්ධියේ ප්‍රධාන වෙඩික්කරු වූ   විශ්‍රාමික නාවික හමුදා සෙබල අජිත් ඉන්ද්‍රසිරි නැමැත්තාගේ බිරිය අද (13) තංගල්ල   තංගල්ල මහේස්ත්‍රාත් හේමන්ත පුෂ්පකුරමාර හමුවේ විශේෂ රහස් ප්‍රකාශයක් ලබා දුන්නාය.
ඒ ඇය සිය නීතඥවරයා මගින් කළ ඉල්ලිමකට අනුවය.  ඇයද ඇතුළුව මේ සිද්ධිය සම්බන්ධව අත් අඩංගුවට ගෙන සිටින   සැකකරුවන් 14 දෙනාගෙන් තිදෙනෙක් පමණක් අද අධිකරණය වෙත ඉදිරිපත්කර තිබුණු අතර ආරක්ෂාව පිලිබඳ සැලකිල්ලටට ගනිමින් ඉතිරි සැකකරුවන් ඉදිරිපත් කර තිබුණේ නැත. ඔවුන් වෙනුවෙන් ඔවුන්ගේ නීතිඥවරු පෙනී සිටියහ.

අධිකරණය ඉදිරියේ ඉදිරිපත් වූ සියලු කරුණු සලකා බලා සැක කරුවන්  ලබන 27 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට  තංගල්ල ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා   නියෝග කළේය.

දැනට හෙළිදරව් වී ඇති ආකාරයට අපරාධය  මෙහෙයවා ඇත්තේ  ඩුබායි රාජ්‍යයේ සැඟවසිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් සහ පාතාල නායකයෙක්වන කොස්ගොඩ සුජී ගේ අනුදැනුම මත ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින හරේන්ද්‍ර ගුණතිලක හෙවත් බූස්සේ  හර්ෂ නැමැති පුද්ගලයෙක් විසින් කළ මෙහෙයවීමකින් මෙම ඝාතනය සිදුවූ බවය.

රට තුළ අපරාධය සම්පූර්ණයෙන්ම සැලසුම් වන්නේ සිංහරෙජිමේන්තුවේ හිටපු මේජර්වරයෙක් වූ නිශාන්ත ඩයස් නැමැත්තෙක් විසිනි.

මෙම සිද්ධියේ ප්‍රධාන වෙඩික්කරු ලෙස කටයුතු  කළ  අජිත් ඉන්ද්‍රසිරි නැමැති විශ්‍රාමික නාවික සෙබලා අපරාධය කර දින කීපයකින්   ඩුබායි රාජ්‍ය වෙත පලා ගොස් තිබිණි.

ඝාතනය සම්බන්ධව ඔහුගේ බිරිය සහ බිරියගේ පියා මෙන්ම ඝාතනයට ආධාර අනුබල දීම ගිනි අවි ප්‍රවාහනය කිරීම ඇතුලු චෝදනාවලට අවස්ථා කීපයක දී සැකකරුවන් 14 දෙනෙක් අත් අඩංගුවට ගෙන  තිබිණි
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka