gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

දේශපාලන පක්ෂවල ඉත්තෙක් වෙලා අපිට මඩගහන්න එන්න එපා – අනුර මිහින්තලේ හිමියන්ට කියයි

විවිධ දේශපාලන අරමුණුවල ඉත්තකු වී තම පක්ෂයට අවලාද නොකරන ලෙස මිහින්තලේ විහාරාධිපති ස්වාමීන් වහන්සේගෙන් තමා ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටින බව ජාතික ජන බලවේගයේ නායක කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසයි.

විශේෂයෙන්ම තම ඉන්දියානු සංචාරයෙන් පසු රටේ දේශපාලන පක්ෂ දැඩිසේ කලබලයට පත්වීම අරුමයක් නොවන නමුත් ඊට රටේ සංඝයා වහන්සේලා යොදාගැනීම බරපතළ ප්‍රශ්නයක් සේම එය බෞද්ධ දහමට කරන නිගරුවක් බව මන්ත්‍රිවරයා ‘මව්බිම පුවත්පත’ට පවසා ඇත.

මෙම ඉන්දියානු සංචාරයෙන් කෝටි 300ක මුදලක් තම පක්ෂයේ මැතිවරණ කටයුතු වෙනුවෙන් ලබාදුන්නා යැයි මිහින්තලේ ස්වාමීන් වහන්සේ විසින් කරන ප්‍රකාශයක් මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන අතර එය කිසිසේත්ම සත්‍යයක් නොවන බවද ඔහු පවසයි.

එම නිසා බුදු දහමට නිගරු වන ලෙස දේශපාලන පක්ෂ විසින් ස්වාමීන් වහන්සේලා යොදාගැනීම නතර කරන ලෙසද තමා ඒ ඒ පක්ෂවලට අවධාරණය කරන බවද මන්ත්‍රීවරයා සඳහන් කරයි.

විවිධ වූ අසත්‍ය කාරණා විවිධ කාලවලට ගෙනඑමින් මඩ ගසන ආකාරය තමාගේ දේශපාලන ඉතිහාසයට නුහුරු නුපුරුදු එකක් නොවන බවද හෙතෙම වැඩිදුරටත් පවසා ඇත.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka