gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

කඩවත මහාමායා බාලිකාවෝ කැබිනට් මණ්ඩල රැස්වීමට යයි

ඉතිහාසයේ පළමුවරට කැබිනට් මණ්ඩලය රැස්වෙන ස්ථානයේදීම ජනාධිපතිවරයා හා අමාත්‍යවරුන් සමඟ කතාබහකට එක්වීමට කඩවත මහාමායා බාලිකා විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තු සභිකයින්ට අවස්ථාව උදා වුණා.

කඩවත මහාමායා බාලිකා විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සභාවාරය පසුගියදා (19දා) ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත් වුණා.

ඒ කථානායක මහින්ද යාපා අබේවර්ධන, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක, පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණධීර, පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩල ප්‍රධානී සහ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න යන මහත්ම මහත්මීන්ගේ ප්‍රධානත්වයෙන්.

කඩවත මහාමායා බාලිකා විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සභාවාරයේ වැඩ කටයුතු අවසන් වීමෙන් පසු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ සුහද හමුවකට එක්වීමටද එම ශිෂ්‍ය පාර්ලිමේන්තු සභිකයන්ට අවස්ථාව උදා වුණා.

එහිදී ජනාධිපති කාර්යාලයේ කැබිනට් මණ්ඩලය පැවැත්වෙන ස්ථානයට එම දරුවන් කැඳවූ ජනාධිපතිවරයා, කැබිනට් මණ්ඩලය යනු කුමක්ද සහ එහි ව්‍යුහය සහ ක්‍රියාකාරිත්වය පිළිබඳ එම දරුවන් දැනුවත් කළා.

රටේ ප්‍රධාන තීන්දු තීරණ ගනු ලබන කැබිනට් මණ්ඩලය පැවැත්වෙන ස්ථානයේදීම, එය මෙහෙයවනු ලබන ජනාධිපතිවරයා සමඟ කතාබහකට එක්වීමට පාසල් දරුවන්ට අවස්ථාව හිමි වූයේ ඉතිහාසයේ පළමු වරට වීම ද විශේෂත්වයකි.

ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ අමාත්‍යධුර දරන සිසුවියන් වෙත එම අමාත්‍ය ධුරයන්හි වගකීම, කාර්යභාරය සහ කැබිනට් මණ්ඩලයේ වගකීම් පිළිබඳව ද මෙහිදී ජනාධිපතිවරයා කරුණු පහදා දුන්නා.

රටේ අනාගත නායකත්වයට පත්වන දරු පරපුර රාජ්‍ය පාලන ව්‍යුහය පිළිබඳ මනා දැනුමක් ලබා තිබීමේ අවශ්‍යතාවද ජනාධිපතිවරයා පැහැදිලි කළා.

ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සභාවාරය ආරම්භ කරමින් කථානායකවරිය තෝරාපත් කර දිවුරුම් දීමෙන් අනතුරුව අග්‍රාමාත්‍යවරිය, අමාත්‍යවරියන් හා අනෙකුත් මන්ත්‍රීවරියන් දිවුරුම් දෙන ලදී.

මෙම අවස්ථාවට සමගාමීව පාසලේ ශිෂ්‍ය පාර්ලිමේන්තු සභිකයන් වෙත නිල ලාංඡන පැළඳවීම හා සහතික පත් ප්‍රදානයද සිදු වුණා.

මෙහිදී ශ්‍රි ලංකා පාර්ලිමේන්තුව මඟින් කඩවත මහාමායා බාලිකා විද්‍යාලය වෙත ග්‍රන්ථ ප්‍රදානයක්ද සිදු කළ අතර, එම විද්‍යාලය මගින්ද ශිෂ්‍ය පාර්ලිමේන්තුව ස්ථාපිත කිරීම වෙනුවෙන් දැක්වූ දායකත්වය වෙනුවෙන් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව වෙතද ප්‍රදානයක් සිදුකරන ලදී.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka