ABC පුවත් සේවයේ ඔස්ට්‍රේලියානු මාධ්‍ය වේදිනියකට සම්බාහන මධ්‍යස්ථානයක දී ලිංගික අතවර කරලා… ලිංගික අතවර කළ සම්බාහක ක්‍රිකට් විනිසුරුවරයෙක් ගැන පොලිස් පරීක්ෂණ…
ඕස්ට්‍රේලියාවේ ඒ.බී.සී මාධ්‍ය ජාලයේ මාධ්‍යවේදිනියක ලෙස සේවය කරන 39 හැවිරිදි කාන්තාවක් මහනුවර වෙළම්බඩ ප්‍රදේශයේ පිහිටි හෝටලයක සම්භාහන මධ්‍යස්ථානයක දී තමන් ට ලිංගික අතවරයක් සිදු වූ බව කියමින් නුවරඑළිය පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
තමන් ට සම්භාහනයක් කර ගැනීමට අවශ්‍යය බව දැනුම් දීමෙන් පසු මාර්ගගත ක්‍රමය ඔස්සේ සම්බන්ධ කරගත් පුද්ගලයෙකු හෝටලයට පැමිණ සම්භාහන කටයුතු සිදුකළ බවත් එම අවස්ථාවේ ඔහු තමන්ට ලිංගික අතවරයක් කළ බවත් විදේශීය කත පොලීසියට පවසා ඇත.
පැමිණිල්ල කළ විදේශීය කාන්තාව ඇගේ පවුලේ සමාජිකයින් සමඟ පසුගිය 06 වැනිදා සිට 09 වැනි දින දක්වා අදාළ හෝටලයේ නවාතැන් ගෙන සිට තිබෙන බව පොලීසිය පවසයි.
පවුලේ සාමාජිකයින් සමඟ නුවරඑළියේ සංචාරයකට පිටත්ව ගොස් තිබෙන ඕස්ට්‍රේලියානු මාධ්‍යවේදිනිය එහි දී අදාළ සිද්ධිය සම්බන්ධයෙන් නුවරඑළිය පොලීසියට පැමිණිල්ලක් කර ඇත. නුවරඑළිය පොලීසිය වැඩිදුර විමර්ශන සඳහා ඒ පිළිබඳ වෙළම්බොඩ පොලීසියට දැනුමී දී තිබේ.
සම්භාහන කටයුතු සඳහා පැමිණ තිබෙන පුද්ගලයා හොරණ ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි පුද්ගලයෙකු වන අතර ඔහු ක්‍රිකට් විනිසුරුවරයෙකු ලෙස ද කටයුතු කරන බව පොලිස් පරීක්ෂණ මගින් අනාවරණය වී ඇත.
පැමිණිල්ල කළ කාන්තාව වෛද්‍යරයෙකු වෙත හෝ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නොහැකි බව ලිඛිතව දැනුම් දී තිබෙන බව වෙළම්බොඩ පොලීසිය පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නොමැති අතර මහනුවර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිකාරිවරයාගේ උපදෙස් මත විමර්ශන සිදු කෙරෙයි
ABC පුවත් සේවයේ ඔස්ට්‍රේලියානු මාධ්‍ය වේදිනියකට සම්බාහන මධ්‍යස්ථානයක දී ලිංගික අතවර කරලා… ලිංගික අතවර කළ සම්බාහක ක්‍රිකට් විනිසුරුවරයෙක් ගැන පොලිස් පරීක්ෂණ…
2024-02-11T17:09:00+05:30
Gossip Lanka Hot News






