රටට වෙච්ච දෙයක් අපි වැටිච්ච තැනක්.. කෝටි තිස් දහසක රත‍්‍රන් හා දේපල උකස් තබති.. වාහන වෙලදාම 80%කින් බහී..
පසුගිය වසර තුනක කාලයේ දී රුපියල් කෝටි තිස් දහසකට වැඩි වටිනාකමින් යුත් සර්වණාභරණ හා දේපළ විකුණා හෝ උකස් කර ඇතැයි මුදල් අමාත්‍යාංශයේ සහ රාජ්‍ය බැංකුව වාර්තා මගින් පෙනී යයි.
ආර්ථික අපහසුකම් හේතුවෙන් ජනතාව මෙසේ තම දේපළ උකස් කිරීමට හෝ විකුණා දැමීමට පෙළඹී ඇත.
ඇතැම් නිවාසවල ස්වර්ණාභරණ සියල්ලම විකුණා දමා අවසන්ව ඇති බවද සඳහන් වෙයි.
වාහන ලක්ෂ දෙකකට වැඩි සංඛ්‍යාවක්ද පහුගිය වසර කීපයකදී විකුණා දමා තිබේ.
ආර්ථික ගැටළු හේතුවෙන් වාහන මිලදී ගැනීම ද සියයට අසූවකින් පමණ පහත බැස ඇති බවද වාහන වෙළඳපළේ ආරංචි මාර්ග සඳහන් කරයි.
ඉදිකිරීම් ක්‍ෂෙත‍්‍රයට අදාල වාහන ද ගොවිතැනට සම්බන්ධ වාහන ද ලක්ෂයකට වැඩි ප්‍රමාණයක් පසුගිය වසර දෙකේදී විකුණා දමා ඇත.
රටට වෙච්ච දෙයක් අපි වැටිච්ච තැනක්.. කෝටි තිස් දහසක රත‍්‍රන් හා දේපල උකස් තබති.. වාහන වෙලදාම 80%කින් බහී..
2024-02-04T07:58:00+05:30
Gossip Lanka Hot News






