gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

දඩ ගහන්න කළින් සල්ලි අරන් ටින් පුරවන ජාවාරමක්! - TIN අංකය නොගත් අයට දඩ ගහන දවස මෙන්න

බදු ගෙවන්නා හඳුනා ගැනීමේ අංකයක් ලබා නොගත් පුද්ගලයන් සඳහා දඩ මුදලක් අය කිරීමට නීතිය ක්‍රියාත්මක කරන බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසනවා. කෙසේ වුවද පෙබරවාරි පළවෙනිදා සිට උපරිමය රුපියල් පනස් දහසක් දක්වා දඩ මුදලක් අය නොකරන බවත් බදු අංකය ලබා ගැනීමට හුරු වීමට ජනතාවට යම් සහන කාලයක් ලබාදෙන බවත් ඔවුන් වැඩිදුරටත් කියා සිටිනවා.

ඉන් අනතුරුව ඊට අනුගත නොවන්නන් සඳහා මෙම නීතිය ක්‍රියාත්මක කරන බවයි දෙපාර්තමේන්තුව පවසන්නේ.

බදු අංකය ලබාගන්නා ආකාරය පිළිබඳව ජනතාව හුරු කිරීමක් හා දැනුවත් කිරීමක් මේ දිනවල ආරම්භ කර ඇති බවත් බදු පැහැර හරින්නන් හට පෙබරවාරියෙන් පමු දඩ නියම කරන බවත් දෙපාර්තමේන්තුව තවදුරටත් කියා සිටිනවා.

මේ අතර දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය හරහා බොහෝ දෙනෙකු මාර්ගගත ක්‍රමයට ටින් අංකය ලබා ගැනීමට උත්සාහ දරන බවත් මාර්ගගත ක්‍රමයට ටින් අංකය ලබා ගැනීමේ ඉල්ලුම් පත්‍ර පිරවීම සඳහා ඇතැමුන් රුපියල් 3000 – 6000ක පමණ මුදලක් අය කරන බවත් වාර්තාවනවා.

සමාජ මාධ්‍යජාල ඔස්සේ පළ වූ එවැනි දැන්වීමක් පහතින්,


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka