සාරථීට කරදර කරන නිසා දයාසිරිට තහනම් නියෝගයක්!
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහලේකම් දයාසිරි ජයසේකරට කොළඹ දිසා අධිකරණය වෙතින් තහනම් නියෝගයක් නිකුත් කර තිබේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැබලන මහ ලේකම් සාරථී දුෂ්මන්ත මිත්‍රපාලගේ කටයුතුවලට බාධා වන ආකාරයෙන් කටයුතු කිරීම සහ ඊට අදාළව මැතිවරණ කොමිසම් වෙත සාවද්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීම වළක්වාලමින් මෙම නියෝගය නිකුත්කර තිබේ.
එම නියෝගය ලබන 21 දක්වා බල පැවැත්වෙන බව කොළඹ දිසා විනිසුරු සඳුන් විතානගේ සදහන කර ඇත.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති මෛත්‍රිපාල සිරිසේන සහ එහි වැඩබලන මහලේකම් සාරථි දුෂ්මන්ත මිත්‍රපාල විසින් ඉදිරිපත් කළ පෙත්සමක් සළකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කෙරිණි.
සාරථීට කරදර කරන නිසා දයාසිරිට තහනම් නියෝගයක්!
2024-01-09T08:43:00+05:30
Gossip Lanka Hot News






