විරෝධයට මුහුණ දෙන්න ආණ්ඩුවත් ලෑස්ති වෙයි! ‘අත්‍යවශ්‍ය සේවා!’ ජනපති අතිවිශේෂ ගැසට් නිවේදනයක් ගහයි!
සේවාවන් කිහිපයක් අත්‍යවශ්‍ය සේවාවන් බවට ප්‍රකාශයට පත්කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නියමය පරිදි එම ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ ජනාධිපති ලේකම් ඊ.එම්.එස්.බී. එකනායක විසින්.
ඒ අනුව විදුලිබල සැපයීම සම්බන්ධ සියලු සේවා, ඛණිජ තෙල් නිෂ්පාදන හා ඉන්ධන සැපයීම හෝ බෙදාහැරීම, තීරුබදු ආඥා පනතේ කාර්යය සඳහා අර්ථකතනය කරනු ලැබූ පරිදි යම් වරායක් ඇතුලතවූ යාත්‍රාවලින් ආහාර හෝ පාන ද්‍රව්‍ය හෝ රට අඟුරු, තෙල් හො ඉන්ධන හෝ බෑම, ගෙනයාම, ගොඩබෑම, ගබඩා කිරීම, බාරදීම හා ඉවත් කිරීම සම්බන්ධ සේවා එමඟින් අත්‍යවශ්‍ය සේවාවන් ලෙස ප්‍රකාශයට පත්කර තිබෙනවා.
ඊට අමතරව ගුවන් තොටුපළ, වරාය ඇතුලුව ගුවන් මගීන් ගමනාගමන සේවා සඳහා පහසුකම් සැලසීම හා පවත්වාගෙන යාම සම්බන්ධ සේවා ද අත්‍යවශ්‍ය සේවාවන් ලෙසයි අදාළ ගැසට් නිවේදනය මඟින් ප්‍රකාශයට පත්කර ඇත්තේ.
විරෝධයට මුහුණ දෙන්න ආණ්ඩුවත් ලෑස්ති වෙයි! ‘අත්‍යවශ්‍ය සේවා!’ ජනපති අතිවිශේෂ ගැසට් නිවේදනයක් ගහයි!
2024-01-04T07:03:00+05:30
Gossip Lanka Hot News






