gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

නව සන්ධානයේ පක්ෂ කාර්‍යාලය අරඹන උත්සවයට ගෝඨාගේ ලේකම් ආපු නැති හේතුව හෙලිවෙයි

නව සන්ධානයේ දේශපාලන පක්ෂ කාර්යාලයේ කටයුතු නිල වශයෙන් ආරම්භ කිරීම පසුගිය ජනවාරි පළමු වැනිදා රාජගිරිය ලේක් ඩ්‍රයිව් පිහිටි එම මුලස්ථානයේදී උස්සවාකාරයෙන් සිදුවුණා. ඒ එම සන්ධානයේ මෙහෙයුම් නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර පියදර්ශන යාපා මහතාගේ සහ පක්ෂයේ නිර්මාතෘ නිමල් ලන්සා මහතාගේ ප්‍රධානත්වයෙන්.

මෙම අවස්ථාවට නව සන්ධානයේ පුත්තලම දිස්ත්‍රික් නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පියංකර ජයරත්න මහතාද එක්වුණා.

ඊට අමතරව නව සන්ධානය සමඟ සම්බන්ධවී සිටින වෘත්තීය සමිති 40 කට ආසන්න ප්‍රමාණයක නියෝජිතයින් අනුබද්ධ සංවිධාන 20 කට ආසන්න ප්‍රමාණයක නියෝජිතයින්,කලා කරුවන්,වෘත්තියවේදීන්,හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන්,නගර සභා සහ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් පිරිසක්ද එක්ව සිටියා.

මේ උත්සවයට අවශ්‍ය සියලු කටයුතු සංවිධානය සිදුකලද නව සන්ධාන පක්ෂ කාර්යාලයේ ප්‍රධාන විධායක නිලධාරී සහ කොළඹ දිස්ත්‍රික් නායක සුගීශ්වර බණ්ඩාර මහතාට කලින් දිනයේම විදේශ ගතවීමට සිදුවුයේ ජපානයෙන් ලද විශේෂ ආරාධනාවකට අනුවයි.

එම නිසා සුගීශ්වර බණ්ඩාර මහතාට කාර්යාල කටයුතු ආරම්භ කරන අවස්ථාවට එක්වීමට නොහැකි වුණා.

විශේෂත්වය වුයේ උත්සවය සඳහා මෙහෙයුම් ප්‍රධානි සිරිපාල අමරසිංහ මහතා විසින් ආරාධනා පත් ඉතා සුළු ප්‍රමාණයක් යවා තිබුනද උත්සව සභාව ආරම්භ වන විට මුළු පක්ෂ කාර්යාලයම අරාධිතයින්ගෙන් පිරි ඉතිරී යාමයි.

ආරාධනා නොකලද හදවතින්ම මෙම කටයුත්ත සඳහා සුභ පැතීමටද විශාල පිරිසක් එක්ව සිටීම කාගේත් කතාබහට ලක්වුණා.
පක්ෂ කාර්යාලයේ කටයුතු සුභ මොහොතින් ආරම්භ වුයේ කිරි ඉතිරවීමෙන් අනතුරුවයි.

අනුර යාපා සහ නිමල් ලන්සා සහ පියංකර ජයරත්න මන්ත්‍රීවරුන් අතින් කිරි ඉතිරවීම සිදුවුණා.

මන්ත්‍රීවරුන් සභාව ඇමතීමෙන් පසුව කෙටි උත්සව සභාව අවසන් වුණා.

අනතුරුව පැමිණි සියලු දෙනා වෙනුවෙන් තේ පැන් සංග්‍රහයක්ද සුදානම් කර තිබුණා.

ඒ අතරවාරයේ මන්ත්‍රීවරුන් පැමිණ සිටි අමුත්තන් සමඟ සුහද කතාබහක නිරත වුණා.

“ඇමතිතුමා,පොහොට්ටුව පටන් ගත්ත දවසේ ඉඳලා අපි ඒ පක්ෂය දිනවන්න දිවි හිමියෙන් වැඩකළ මිනිස්සු නමුත් ආණ්ඩු හැදුවට පස්සේ වෘත්තීය සමිති නායකයන්ට සැලකුව හැටි අපිට වඩා හොඳට ඔබතුමා දන්නවනේ ඒ නිසා කවදාවත් ඒ දේ මෙතනටත් වෙන්න දෙන්න එපා”වෘත්තීය සමිති නායකයෙකු තේ කෝප්පයක රස බලන ගමන් ලන්සාට කිව්වා.

“නෑ..අපි එහෙම වෙන්න දෙන්නේ නෑ..ඔබතුමාලා ඕනෑම කෙනෙකුට මේ කාර්යාලය අද ඉදලා ඕනෑම වෙලාවක විවෘත්තයි අපේ මන්ත්‍රීවරු කවුරු හෝ එක්කෙනක් හැමදාම මේ කාර්යාලයේ ඉස්සරහට ඉන්නවා අපි ගැටළු වලට එවෙලේම විසඳුම් දෙනවා ඒක තමයි අපේ කණ්ඩායමේ වෙනස “ලන්සා පැහැදිලි කළා.

“කොහොමද ඇමතිතුමා..ඔබතුමාලා මොනවා කිව්වත් ආයෙත් රාජපක්ෂවරුන්ට වගේ කඩේ යන දේශපාලනයක් කරනවානම් අපි නෑ ඇමතිතුමා”ජනප්‍රිය කලාකරුවෙකු අනුර දෙස බලමින් කිව්වා.

“නෑ නෑ කිසිදේකට බයවෙන්න එපා..අපි කරන්නේ ජනතවට නායකත්වය දෙන එක,එහෙම නැතුව නායකත්ව වන්දනාවේ ගිය යුගය දැන් ඉවරයි,ජනතවට ඒ දේශපාලනය එපා උන නිසා තමයි ගෝඨාභය මහත්තයට පස්සේ දොරෙන් යන්න උනේ”අනුර යාපා කිව්වා.

පැමිණ සිටි වෘත්තීය සමිති නායකයින් පිරිසද ලන්සා වටකර ගනිමින් ඉදිරි දේශපාලන කටයුතු ගැන විමසන්නට වුයේ ලන්සා මන්ත්‍රීවරයා ජනාධිපතිතුමාට සමීපව කටයුතු කරන නිසා.

“මන්ත්‍රීතුමා හැමෝම කියනවා පාර්ලිමේන්තු විසුරුවන්න හදනවා කියල ඒ කතාවේ අත්තක් තියනවද” හිටපු ප්‍රාදේශීය සභා සභාපතිවරයෙකු ලන්සාගෙන් විමසුවා.

“නෑ නෑ ඉස්සරවෙලාම එන්නේ ජනාධිපතිවරණය ජනාධිපතිතුමා ඒකට සුදානම් වෙලා ඉන්නේ”ලන්සා කිව්වා.

“කෝ අපේ සුගීශ්වර ලේකම්තුමා එහෙම පේන්න නැත්තේ මොකද?”රාජ්‍ය ආයතන හිටපු සභාපතිවරයෙකු වට පිට බලමින් විමසුවා.

“එතුමා ජපානයේ පන්සලක උත්සවයකට ගිහිල්ල,ඒකයි පෙන්න නැත්තේ” පියංකර ජයරත්න කිව්වා.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka