3,4 සහ 5 දිනවල විරෝධතාවයට එක් වූ සේවකයින්ගේ තොරතුරු අමාත්‍යාංශයට එවා වැඩ තහනම් කරන්න… කාංචන ලංවිම සභාපතිට ලිඛිතව දන්වයි
සැලසුම්සහගත ව සහ නීතිවිරෝධි අයුරින් නිවාඩු හෝ වෛද්‍ය නිවාඩු මත සේවයට වාර්තා නොකර උද්ඝෝෂණ කටයුතුවලට සහභාගි වී සේවාවන් පවත්වාගෙන යාමට බාධා කළ සේවකයින්ගේ සේවය අත්හිටුවා පවතින නෛතික ප්‍රතිපාදන යටතේ විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස දන්වා විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර විසින් විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයාට ලිපියක් යොමුකර තිබේ.
එම ලිපිය මගින් වැඩිදුරටත් දන්වා ඇත්තේ, එම සේවක පිරිස් පිළිබඳ තොරතුරු අමාත්‍යාංශය වෙත යොමු කරන ලෙසටයි.
2024 ජනවාරි මස 03, 04, 05 යන දිනවල ඇතැම් සේවක පිරිස් ගෙන යන වැඩවර්ජන හේතුවෙන් විදුලිබල මණ්ඩලයේ මහජන සේවාවන් පවත්වාගෙන යාමට බාධා වන අයුරින් කවුළු වසා, මහජන සේවා සපයන කාර්යාල කටයුතු අඩපණ කරමින් කටයුතු කිරීම පිළිබඳ අමාත්‍යාංශ වෙත මහජන පැමිණිලි ලැබී ඇති බව සඳහන් වේ.
විදුලිබල සැපයුම සම්බන්ධ සියලු සේවාවන් අත්‍යවශ්‍ය සේවාවන් ලෙස අතිවිශේෂ ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශ කර තිබූ බවත් විදුලිබල මණ්ඩලයේ පාලනාධිකාරිය විසින් 02 වනදා සිට සියලුම සේවකයින්ගේ නිවාඩු අවලංගු කරමින් එම සේවාවන් අත්‍යවශ්‍ය සේවාවක් ලෙස ලිඛිත ව ඔවුන්ව දැනුවත් කර තිබු බවත් එම ලිපියේ සඳහන් වේ.
3,4 සහ 5 දිනවල විරෝධතාවයට එක් වූ සේවකයින්ගේ තොරතුරු අමාත්‍යාංශයට එවා වැඩ තහනම් කරන්න… කාංචන ලංවිම සභාපතිට ලිඛිතව දන්වයි
2024-01-06T19:46:00+05:30
Gossip Lanka Hot News





