gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

කැලණි කැම්පස් එකේ ලෙක්චර් එකක් දෙන්න ආපු ඩඩ්ලි සිරිසේනට ශිෂ්‍යයෝ දුවන්නම දෙයි! (VIDEO)

කලණිය විශ්වවිද්‍යාලයේ දේශනයක් පැවැත්වීම සදහා පැමිණි ප්‍රකට සහල් ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා හට සිසුන්ගේ දැඩි විරෝධයක් එල්ල වීම හේතුවෙන් මහත් අසීරුතාවයකට මුහුණ දීමට සිදුවිය.

ඒ සම්බන්ධයෙන් මහා ශිෂ්‍ය සංගමය තබා තිබූ සටහන මෙසේය.

ලංකාවේ ප්‍රකට සහල් මාෆියාකරුවකු වන ඩඩ්ලි සිරිසේන කැඳවූ දේශපාලන සංදර්ශනයක් අද කැලණිය විශ්වවිද්‍යාලයේ පැවැත්විණි. කොවිඩ් වසංගත අවදානම තුළ ජනතාව සහල් පෝලිම්වල සිටියදී මහා පරිමාණයෙන් සහල් තොග ගබඩා තුළ සඟවාගෙන ජනතාව පීඩනයට පත් කළේ ඩඩ්ලි සිරිසේනලාය. සහල් මිල ඉහළ දැමීම මේ සහල් මාෆියාකරුවන් සිදු කළේ මාධ්‍ය සාකච්ඡා තුළින් මිල දැනුම් දෙමිනි. අවම වශයෙන් රජයටවත් මොවුන් පාලනය කළ නොහැකි විය.Sri Lanka Latest News

මෙරට පත්වන පත්වන ආණ්ඩුවල තීන්දු තීරණ ගැනීමට දේශපාලුවන් හා කරට අත දා⁣ගෙන අරමුදල් සම්පාදනය කරන්නේ මෙවන් මාෆියාකරුවන් විසිනි. 2022 සහල් හිඟයක් ඇතිවන විට මෙම මාෆියාකරුවන්ගේ ගබඩා තුළ ඉදිරි වසර 04 කට ප්‍රමාණවත් සහල් තොග ගබඩා කර තිබිණි. මෙම සහල් ජනතාවගේ ආහාර අවශ්‍යතාව නොසලකා වැඩිපුර ම ප්‍රමාණයක් යොදවන්නේ බීර නිශ්පාදනය කිරීමටය.

ලාභය ගැන පමණක් සිතමින් ජන ජීවිත තුට්ටුවට ගණන් නොගන්නා මෙවන් මාෆියාකරුවන් විශ්වවිද්‍යාල තුළට වැද්දගත යුතු නැත. මේ මොහොතේත් සහල් මිල බරපතල ලෙස ඉහළ ⁣ගොස් තිබෙන්නේ දේශපාලුවන් මෙන් ම මෙම මාෆියාකරුවන්ගේ ද කෙරුවාව නිසාවෙනි. එහෙයින් ඩඩ්ලි සිරිසේන විශ්වවිද්‍යාල භූමියෙන් නෙරපා හැරීමට තරම් විරෝධයක් සිසුන් අතර මතුවීම ඉතා ස්වභාවික තත්ත්වයකි. ජනතාව බඩගින්නේ තබන මාෆියාකරුවන් ඔවුන්ට අදාළ තැන්වල මිස විශ්වවිද්‍යාල දේශකවරුන්ගේ මට්ටමට ඔසවා තැබිය නොයුතුය. එය මෙරට විශ්වවිද්‍යාල පද්ධතියටම කරන බලවත් නින්දාවකි.

~මහා ශිෂ්‍ය සංගමය – කැලණිය විශ්වවිද්‍යාලය~


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka