gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ජනාධිපතිගෙන් ව්‍යවස්ථා සභාවට දැඩි චෝදනා... ලිඛිතව දන්වයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ව්‍යවස්ථා සභාවට චෝදනා කරමින් ලිපියක් යොමුකර ඇති බව වාර්තා වෙයි.

එ ශ්‍රේෂ්ඨාධිකරණය සඳහා පත්කරන ලෙස නිර්දේශ කරන ලද අභියාචනාධිකරන සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණරත්නගේ පත්වීම සම්බන්ධව විධිමත් තීරණයක් නොගැනීම ගැනයි.

ජනාධිපතිවරයා වශයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය සඳහා පත්කරන ලෙස මෙම විනිසුරුගේ නම නිර්දේශ කළ අවස්ථාවේ ඒ පිළිබඳව ජනාධිපතිවරයාට පිළිතුරක් යැවූ ව්‍යවස්ථා සභාව මේ සම්බන්ධයෙන් තම සභාවේ තීරණයක් නැති බව දන්වා තිබිණ.

ඒ තීරණය හේතුවෙන් අධිකරණ කටයුතුවල සහ යුක්තිය පසිඳලීමේ කටයුතුවලට බාධා පැමිණ ඇති බව ජනාධිපතිවරයා ලිපිය මගින් දන්වා ඇත.

ව්‍යවස්ථා සභාවේ මෙම ක්‍රියාව හේතුවෙන් රටේ නීතිය විධිමත් ලෙස ක්‍රියාත්මක කිරීමට බරපතල බාධාවක් එල්ල වී ඇති බවද සඳහන් කර ඇත.

එවන නිර්දේශයන් පිළිබඳව ව්‍යවස්ථා සභාව තීරණයක් ගැනීම අත්‍යවශ්‍ය බවද පෙන්වා දී ඇති ජනාධිපතිවරයා ව්‍යවස්ථා සභාව විසින් මෙම තීරණය ගත්තේ කෙසේදැයි කිසිදු හේතු දැක්වීමක් නොමැති බවද සඳහන් කර තිබේ.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka