ත්‍රස්ත සංවිධානයක් විසින් මියන්මාරයේ රඳවාගෙන සිටින ශ්‍රී ලාංකිකයින් පිරිස නිදහස් කරගැනීමට මැදිහත් වන ලෙස විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා එරට උප අගමැති සහ විදේශ ඇමතිගෙන් ඉල්ලීමක් කර ඇතිබව විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි.
මියන්මාරයේ ත්‍රස්ත සංවිධානයක් මගින් එරට කඳවුරක ශ්‍රී ලාංකිකයින් 56 දෙනෙකු බලහත්කාරයෙන් රඳවාගෙන සිටියි.
ඔවුන් සයිබර් වහලුන් ලෙස සේවයේ යොදවා තිබේ.
මේ අතර එම පිරිස මුදා ගැනීම සඳහා අවශ්‍ය උපරිම පියවර ගනිමින් සිටින බව මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපති ජානක බණ්ඩාර මහතා පැවසීය.
2023 ඔක්තෝබර් මාසයේ පැමිණි පිරිසක් මෙම සයිබර් අපරාධ කල්ලිය භාරයේ සිටින බව පැවසීය.
මෙම පිරිසක ක්ෂණිකව බේරා ගැනීමට නොහැකිය.
උපාය මාර්ගිකව එම ත්‍රස්ත කණ්ඩායම සමග සාකච්ඡා කරමින් සිටින බව තානාපතිවරයා පැවසීය.
ශ්‍රී ලංකාව හැර ඉන්දීය ජාතිකයන් 200 අධික සංඛ්‍යාවක් එම ත්‍රස්ත කඳවුරු වල බලහත්කාරයෙන් සේවයේ යොදවා සිටියි.
නේපාල ජාතිකයන් 50 වැඩි පිරිසක් බලහත්කාරයෙන් සේවයේ යොදවා සිටින අතර කිහිප දෙනෙකු මුදා ගෙන ඇතිබව පැවසීය.
බින්ස්ටික් තානාපතිවරුන්ගේ සන්සදය ලෙස ඒකාබද්ධව බලහත්කාරයෙන් රදවා ගෙන සිටින සියලු පුද්ගලයන් මුදා ගැනීමට කටයුතු කරන බව වැඩිදුරටත් තානාපතිවරයා පැවසීය.
– නාගොඩ සුමන උදයන්ත
