gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

කුඩු බාසික්ගේ Soul Beach හෝටලේ MD මහඇඳුරිඳු සම්පත් අත්තටගේ!

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු ලෙස හඳුනාගෙන ඇති මේ වනවිට ඩුබායි හි සැඟව සිටින ශිරාන් බාසික්ට අයත් බව පැවසෙන දෙහිවල ප්‍රදේශයේ පිහිටි Soul Beach සංචාරක හෝටලයේ අනවසර ඉදිකිරීම් කඩා ඉවත් කිරීමේදී පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කරන ලදැයි සැකපිට අත්අඩංගුවට ගත් ප්‍රසිද්ධ උපකාර පන්ති ගුරුවරයකු වන සම්පත් අත්තටගේ (මහඇඳුරිඳු) ඇතුළු සැකකරුවන් සිවුදෙනකු ඇප මත මුදාහරින ලෙස ගල්කිස්ස මහෙස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර ඊයේ (02) නියෝග කළාය.

එක් සැකකරුවකු රුපියල් ලක්ෂ 2 බැගින් වූ ශරීර ඇප මත මුදාහරින ලෙස මහෙස්ත්‍රාත්වරිය වැඩිදුරටත් නියෝග කළාය.

අනවසර ඉදිකිරීමක් ලෙස සලකා පොලිසිය සහ වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව එක්ව පෙරේදා (01) පෙරවරුවේ අදාළ හෝටලය කඩා ඉවත් කර තිබේ.

උපකාරක පංති ගුරු සම්පත් අත්තටගේ මහතා Soul Beach හි කළමනාකාර අධ්‍යක්ෂ වරයාද වේ.

අදාළ හෝටල් ගොඩනැගිල්ල ඉවත් කිරීමේ සිද්ධිය නීති විරෝධී නම් ඒ සම්බන්ධයෙන් වෙනම නඩුවක් පවරන ලෙස දැනුම් දුන් මහෙස්ත්‍රාත්වරිය හෝටලය ඉවත් කිරීම මගින් හානියක් සිදුවී ඇත්නම් වන්දි නඩුවක් හෝ අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇත්නම් මූලික අයිතිවාසිකම් නඩුවක් පවරන ලෙසද අවධාරණය කළාය.

අදාළ හෝටල් පරිශ්‍රය සම්පූර්ණයෙන්ම වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයිති බව පොලිසිය දන්වා සිටියේය.

සැකකරුවන් වෙනුවෙන් නීතිඥ මණ්ඩලයක් සමග පෙනී සිටි ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න කරුණු ඉදිරිපත් කරමින් මෙහි කොටසක් දුම්රිය දෙපාර්තමේන්තුවට අයිති බව දන්වා සිටියේය.

මෙම හෝටල් ගොඩනැගිල්ල ඉදිකරනු ලැබුවේ වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ, සංචාරක මණ්ඩලයේ, නගර සභාවේ මෙන්ම පළාත් සභාවේද අනුමැතිය යටතේ බැවින් මෙම හෝටල් ගොඩනැගිල්ල කඩා ඉවත් කිරීම නීති විරෝධී බව ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න පෙන්වා දුන්නේය.

සැකකරුවන් ඇප මත මුදාහරින ලෙස නියම කළ මහෙස්ත්‍රාත්වරිය අදාළ නඩුව මාර්තු 2 වැනිදා යළි කැඳවන ලෙස නියම කළාය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka