gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

‘රෝයල් බීච් සමන්’ ඝාතනයට සුජීගේ තවත් කොන්ත්‍රාත්තුවක් ‘යුක්තිය’ නිසා හෙළිවෙයි

සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ඌරගහ මයිකල් ලවා ‘රෝයල් බීච් සමන්ට’ තංගල්ල අධිකරණය අසලදී ප්‍රහාරයක් එල්ල කිරීමට කොස්ගොඩ සුජී කොන්ත්‍රාත්තුවක් ලබා දී ඇතැයි විශේෂ කාර්ය බළකාය කියයි.

ඒ සඳහා සැලසුම් සකස් කර සිටියදී රෝයල් බීච් සමන් කොස්ගොඩ සුජීගේ සමීපතමයෙකු වන බූස්සේ හර්ෂ විසින් මෙහෙයවන ලද ප්‍රහාරයකින් පසුගිය දා මරණයට පත්වී තිබේ.

විශේෂ කාර්ය බළකා නිලධාරීන් මේ බව අනාවරණය කර ගෙන ඇත්තේ ‘යුක්තිය’ මෙහෙයුමට සමගාමීව ගාල්ලේදී අත්අඩංගුවට ගත් පුද්ගලයන් දෙදෙනකුගෙන් කළ ප්‍රශ්න කිරීමේදී ය.

ගාල්ල, මාගාල්ල සහ වංචාවල ප්‍රදේශයේදී මොවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබුණේ රෝයල් බීච් සමන් ඇතුළු පුද්ගලයන් පස්දෙනා වෙඩි තබා ඝාතනය කිරීම සඳහා ආධාර අනුබල දීමේ චෝදනාව මත ය.

අත්අඩංගුවට ගත් ඔවුන්ගෙන් කළ ප්‍රශ්න කිරීමේදී හෙළිවී ඇත්තේ සංවිධානාත්මක අපරාධකරුවෙකු වන දැනට ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින කොස්ගොඩ සුජී විසින් රෝයල් බීච් සමන් ඝාතනය කිරීම සඳහා ඔහුගේ සමීපතමයෙකු වන ඌරගහ මයිකල්ට කොන්ත්‍රාත්තුවක් ලබා දී තිබියදී ඔවුන් මරා දමා ඇති බව ය.

සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ හෙරොයින් ග්‍රෑම් 9ක් සහ මිලිග්‍රෑම් 300ක්, යතුරුපැදියක්, උල් පිහියක් සහ ජංගම දුරකතන 3ක් ද සමගිනි.

විශේෂ කාර්ය බළකා අණදෙන නිලධාරි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දරගේ උපදෙස් මත වැඩිදුර පරීක්‍ෂණ සිදුකෙරේ.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka