විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සිය ජනාධිපතිවරණ ව්‍යාපාරය ආරම්භ කරමින්
ඒ අනුව, 'වෙනසක් හදන වසරක්' තේමාව යටතේ විපක්ෂයේ ජනාධිපතිවරණ සටන කොළඹින් ආරම්භ කරන්නට සැලසුම් කර ඇතැයි ද ඒ අනුව විශාල ජනරැලියක් එළඹෙන ජනවාරි 30 දා භවස කොළඹ දී පවත්වන්නට අදාළ සංවිධාන කටයුතු සිදුකරමින් ඇති බවටත් සමගි ජන බලවේග ආරංචි මාර්ග ප්‍රකාශ කරයි.
දිවයිනම ආවරණය වෙන පරිදි සමගි ජන බලවේගයේ ආධාරකරුවන් දස දහස් ගණනක් මෙම රැලියට සහභාගී වීම සඳහා කොළඹට පැමිණෙන බවත් එම පක්ෂයේ සියලු නායකයින් මෙම රැලියට සහභාගී වෙන බවත් කරුණු වාර්තා වෙයි.
විපක්ෂයේ පක්ෂ නායකයින් විශාල පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගි වෙනු ඇතැයි ප්‍රකාශ කරන එම පක්ෂය, ඒ අනුව විපක්ෂ සන්ධානයක් ලෙස පුළුල්ව කටයුතු කරන බවට වූ සංඥාවක් මෙදින රටට ලැබෙනු ඇතැයිද ප්‍රකාශ කරයි.