gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

"මේක පාප කර්මයක්.. මේක මහා පවක්..." - බංකොලොත් රටේ මුහුද මැද පාටි දැමූ පොහොට්ටු නඩේට සජිත් ලුණු ඇඹුල් ඇතිව කියයි (VIDEO)

පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් පිරිසක් සඳහා වරාය පරිශ්‍රයේ සංචාරයක් සංවිධානය කර සාදයක් පැවැත්වීම සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී අවධානය යොමු කෙරුණා. ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී අදහස් පළකල විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ වැට් එක හේතුවෙන් රටම ෆැට් වෙලා තියන මොහොතක මන්ත්‍රීවරුන් කණ්ඩායමක් සාද පවත්වන බවයි.

මහජන මුදල් වැය කරමින් සිදුකරන මෙම ක්‍රියාවන් පිළිබඳ තමන් දැඩිලෙස කණගාටුවන බවද විපක්ෂනායකවරයා ආවේගශීලිව කියා සිටියා.

වරාය පරිශ්‍රයේ අධිආරක්ෂිත කලාපයක අනීතික ලෙස මෙම සාදය පවත්වා ඇති බවත් මේ සම්බන්ධයෙන් සොයා බලා කඩිනම් විමර්ශනයක් සිදුකළ යුතු බවත් ඒ මහතා පෙන්වා දුන්නා.

විපක්ෂනායකවරයා එහිදී හිටපු ජනාධිපතිවරයෙක් පිළිබඳවත් සඳහන් කළ අතර ඔහු කියා සිටියේ මෙම සාදයට යාත්‍රා ලබාදීමට හිටපු ජනාධිපතිවරයෙක් මැදිහත් වී ඇති බවයි.

“මං කතා කරන්නේ රටේ ජනතාවගේ පැත්තෙන්.. මේවට උත්තර දෙන්න.. මහජන මුදල්වලින් මුහුදු මැද පාටි දාලා.. කොහොමද රජයේ මුදල් වැය කරලා මේවා කරන්නේ.. රටට හා වරායට අයිති යාත්‍රා අරගෙන මෙහෙම කරන්න පුළුවන්ද.. විස්කි ගෙනල්ලා.. කෑම ගෙනල්ලා මෙහෙම බංකොලොත් රටක පාටි දානවද? මේක පාප කර්මයක්.. මේක මහා පවක්.. මේවා කතා කරනකොට මගේ කට වහන්න එන්න එපා.. ජන ජීවිත කඩා වැටෙනකොට හිටපු ජනාධිපතිවරයෙක් නැව් අරන් ගිහිල්ලා පාටි දාලා..”


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka