gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

හූතින්ට ගහන්න රතු මුහුදට යවන රනිල්ගේ නැව සූදානම්!

යේමනයේ සහාය ලබන හූති කැරලිකරුවන්ගෙන් ආරක්ෂා කිරීමේ සටනට එක්වීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් යුද නෞකාවක් පිටත්ව යෑමට සූදානම් බව, නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ගයාන් වික්‍රමසූරිය පැවසීය.

රතු මුහුද, අරාබි මුහුද, ඒඩන් බොක්ක සහ වෙළෙඳ යාත්‍රා භාවිත කරන යාබද මුහුදු මාර්ග ආවරණය වන පරිදි අන්තර්ජාති මුහුදේ ආරක්ෂාව සඳහා නෞකාව යෙදවීමට නියමිත බව හෙතෙම වැඩිදුරටත් පවසා තිබේ.

ජනාධිපතිවරයාගේ නියෝගයට අනුව, මෙම කාර්‍යය වෙනුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් යුද නෞකාවක් ස්ථානගත කරන නමුත්, එය යෙදවීමට නියමිත දිනයක් තවමත් තහවුරු කර නොමැත.

රතු මුහුදේ සහ ඒ ආශ්‍රිත වෙළෙඳ මාර්ගවල ක්‍රියාත්මක නාවික මෙහෙයුමේ කොටසක් ලෙස මුලින් එක් නෞකාවක් යෙදවීමට අපේක්ෂා කරයි.

ශ්‍රී ලංකාවේ වත්මන් අවශ්‍යතා සහ ආර්ථික තත්ත්වය සහ ඒ පිළිබඳ සාකච්ඡාවන් මත තවත් නෞකා යෙදවීම හෝ නැව් හුවමාරු කිරීම සිදුකෙරෙන බව ද හෙතෙම පවසයි.

යුද නෞකාව යෙදවීම සඳහා අමතර වියදමක් නොමැති බව පැවසූ ඔහු, මෙහෙයුම මත පිරිවැය රඳා පවතින බවත්, දකුණු ශ්‍රී ලංකාවේ අන්තර්ජාති මුහුදු සීමාවේ මත්ද්‍රව්‍ය නිවාරණ වැටළීම්වල යෙදී සිටින නාවික හමුදා යාත්‍රාවලට දරන වියදමට සමාන බවත් පැවැසීය.

හූති කැරලිකරුවන් මුහුදු මාර්ගයේ වෙළෙඳාම අවහිර කරමින් නැව්වලට පහරදීම වැළැක්වීම සඳහා ශ්‍රී ලංකාව රතු මුහුදේ නාවික යාත්‍රාවක් යෙදවීමට තීරණය කර ඇති බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගිය සතියේ නිවේදනය කළේය.

යුක්රේනයේ සහ පලස්තීනයේ පවතින විවිධ යුද ගැටුම් හේතුවෙන්, භාණ්ඩ මිල ඉහළ යා හැකි බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, හූති කැරලිකරුවන්ගේ අඛණ්ඩ ප්‍රහාර සහ දකුණු අප්‍රිකාව වටා මෙම නෞකා යළි හරවා යැවීම හේතුවෙන් රතු මුහුදේ නැව් ගමනාගමනය ද නතර කර ඇති බව සඳහන් කළේය.

විදෙස් ජනමාධ්‍ය පවසන පරිදි, දෙසැම්බර් 19 වැනිදා සිට ගාසා තීරයේ ඊශ්‍රායල-හමාස් යුද්ධයට ප්‍රතිචාර වශයෙන් යේමනය පදනම් කරගත් සටන්කාමීන් අවම වශයෙන් ප්‍රහාර 23 ක් සිදුකර ඇත.

දිගින් දිගටම ප්‍රහාර එල්ල කළහොත් ඉන්ධන මිල ඉහළ ගොස්, සැපයුම් දාමයට හානිවීමට ඉඩක් ඇති බව විදෙස් ජනමාධ්‍ය වැඩිදුරටත් සදහන් කරයි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka