gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

“රනිල් පුලුවන් නම් වරෙන්” කී නිසා කැලණිය සරසවියට ගිය ජනපති ධර්මයෙන් කියා එයි!

ජීවිත අරගලය ජය ගැනීම සඳහා බුදුන් වහන්සේ දේශනා කළ ධර්මය ඉතාම වැදගත් වන අතර එම ධර්මය වඩා ගැඹුරින් අධ්‍යයනය කර ලෝකයට ගෙන යාම සඳහා ථෙරවාදි බුදු දහමේ කේන්ද්‍රස්ථානය වන ශ්‍රී ලංකාවට මහඟු වගකීමක් පැවරී තිබෙන බව ද ජනාධිපතිවරයා පැවසුවේය.

තාක්ෂණ යුගයට අවශ්‍ය පරිදි ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය ශක්තිමත් කිරීමට සැලසුම් කර ඇති බවද පැවසූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ සෑම විශ්වවිද්‍යාලයකම කෘතිම බුද්ධිය පිළිබඳ පාඨමාලා ආරම්භ කිරීමට පියවර ගන්නා බවද සඳහන් කළේය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ කැලණිය විශ්ව විද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන පශ්චාත් උපාධි ආයතනයේ නව ගොඩනැගිලි සංකීර්ණය විවෘත කිරීමේ අවස්ථාවට අද (31) පෙරවරුවේ එක් වෙමිනි.

ථෙරවාදි බුදු දහම පිළිබඳ පර්යේෂණ ආයතනයක් ස්ථාපිත කිරීමට  ඉදිරියේදී කටයුතු කරන බවත්, ථෙරවාදි බුදු දහම ලෝකයට ගෙන යාමට මෙන්ම බෞද්ධ රටවල් අතර සබඳතා ශක්තිමත් කර ගැනීමට මෙවැනි බෞද්ධ ආයතනවලට විශාල හැකියාවක් තිබෙන බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

එසේම පාලි හා බෞද්ධ අධ්‍යයන පශ්චාත් උපාධි ආයතනයේ සිසුන්ගේ කැමැත්ත අනුව එහි ශිෂ්‍ය නේවාසිකාගාරයක් ඉදිකිරීමට අවශ්‍ය ඉඩම සහ රාජ්‍ය අනුග්‍රහය ලබා දීමට සූදානම් බවද ජනාධිපතිවරයා මෙහිදී පැවසීය.

නව ගොඩනැගිලි සංකීර්ණය ඉදිකිරීම සඳහා ආධාර ලබා දුන් විදේශීය පරිත්‍යාගශීලින්ට සමරු තිළිණ ප්‍රදානය කිරීම ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් සිදු කෙරිණි.


මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙසේද පැවසීය .


2019 වසරේදී මෙම ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා මුල්ගල තැබීමට එවකට  අගමැතිවරයා ලෙස මා පැමිණියා. අද මෙම ගොඩනැගිල්ල විවෘත කිරීම සඳහා ජනාධිපතිවරයා ලෙස පැමිණ තිබෙනවා. කොරෝනා වසංගතය නිසා මෙම ගොඩනැගිල්ලෙහි ඉදිකිරීම් කටයුතු ප්‍රමාද වුණා. විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයේ  පාලි හා බෞද්ධ  ආයතනය ආරම්භ කිරීමට පූජ්‍ය හැවැන්පොළ රතනසාර ස්වාමීන් වහන්සේ සිදුකළ මෙහෙය ඉතා විශිෂ්ටයි. ඒ වගේම කොටපිටියේ රාහුල අනුනායක ස්වාමීන් වහන්සේ  මෙම ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා විශාල කැපවීමක් සිදු කළා.

ජීවිත අරගලය ජය ගැනීම සඳහා බුදුන් වහන්සේ දේශනා කළ ධර්මය ඉතාම වැදගත් වෙනවා. එම ධර්මය මීට වඩා ගැඹුරින් අධ්‍යයනය කර ලෝකවාසී ජනතාවට ලබාදීම සඳහා මෙම ආයතනයට විශාල වැඩ කොටසක් සිදුකළ හැකියි. මෙම ආයතනය පිහිටුවා වසර පනහකට ආසන්න කාලයක් ගත වෙනවා.

ථෙරවාදි බුදු දහම පිළිබඳ බෞද්ධ රටවල්වල පමණක් නොව අනෙක් රටවලටද  අවබෝධය ලබාදීම සඳහා සිදු කළ හැකි කාර්යභාරයක් තිබෙනවා. ඒ වගේම ථෙරවාදි රටවල් අතර සබඳතා ශක්තිමත් කර ගැනීමටත් මෙම ආයතන හරහා හැකියාව තිබෙනවා.


මහා විහාර කැණීම් මේ වනවිට ආරම්භ කර තිබෙනවා. ලුම්බිණියේ කැණීම් කටයුතු සිදුකළ මායාදේවී කැනීම් කණ්ඩායම විසින් එම කටයුතු සිදු කරමින් සිටිනවා. ඒ වගේම බුදු දහම  තවත් ගැඹුරින් අධ්‍යයනය කිරීමට පර්යේෂණ ආයතනයක් ස්ථාපිත කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ පිළිබඳ වාර්තාවක් මෙම වසර අවසානයට පෙර ලබා ගැනීමට කටයුතු කරනවා.

රජයක් හැටියට ථෙරවාදි බුදු දහම ලෝකයට ගෙන යාම සඳහා සහාය ලබාදීමට කටයුතු කරනවා. මෙම ආයතනය මඟින් ජාත්‍යන්තර බෞද්ධ රටවල් අතර සබඳතා ඇතිවීම සිදුවෙනවා.  ඒ වගේම තායිලන්ත අගමැතිවරයා සමග ඉදිරි දින කිහිපය තුළ අත්සන් තැබීමට නියමිත  නිදහස් වෙළඳ ගිවිසුම  මඟින් බෞද්ධ රටවල් දෙකක් වන ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර සබඳතා පුළුල් කර ගැනීමට  බලාපොරොත්තු වෙනවා.

තාක්ෂණික යුගය එක තැන නතර වී තිබෙන්නේ නැහැ. අද තාක්ෂණය විශාල වශයෙන් දියුණු වී තිබෙනවා. අද අපි ස්වයංක්‍රීය යන්ත්‍ර දකිනවා. කෘත්‍රීම බුද්ධිය සමග ඒවා ක්‍රියාත්මක වෙනවා. මේ දියුණුව කෙළවර කුමක්ද කියා අප අවධානය යොමු කළයුතුයි.  මේ පිළිබඳ අද බටහිර රටවල විශාල ලෙස විවාද සිදු වෙනවා. එසේ නම් අපේ ආගමික දියුණුව සහ බෞද්ධාගමික ප්‍රචාරක කටයුතු සඳහා මෙම තාක්ෂණය භාවිතයට ගත යුතුයි. ඒ නිසා අධ්‍යාපන ඇමතිවරයා සමඟ සාකච්ඡා කර සෑම විශ්වවිද්‍යාලයකම කෘතිම බුද්ධිය පිළිබඳ පාඨමාලාවක් ආරම්භ කිරීමට ඉදිරියේදී කටයුතු කරනවා. එම තාක්ෂණ යුගයට අවශ්‍ය පරිදි  මෙරට අධ්‍යාපන ක්‍රමය ශක්තිමත් කිරීමට ඒ අනුව අප බලාපොරොත්තු වෙනවා. දැනුම්වත් සහ ශිෂ්ඨ සම්පන්න සමාජයක් තුළින් රටේ ආර්ථිකය ශක්තිමත් කළ හැකියි.


දැන් අප සිටින තාක්ෂණික යුගය මෙතෙක් නොතිබූ යුගයක්. පරමාණු බෝම්බය නිපදවූවාට පසුව අප සිතුවේ ඒ තාක්ෂණය එතනින් අවසන් කියලයි. මෙම නවීන තාක්ෂණය පාලනය නොකළහොත් එය පරමාණු බෝම්බයට වඩා භයානක වෙනවා. ඒ පිළිබඳවත් අපේ අවධානය යොමු කළයුතුයි කියා මම ප්‍රකාශ කරනවා.  ජනාධිපතිවරයා පැවසුවේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ කැලණිය විශ්ව විද්‍යාලයට පැමිණීමට එරෙහිව ඊයේ සහ පෙරේදා දින දෙක තුළ දැවැන්ත ශිෂ්‍ය විරෝධයක් මතුවිය.  පෙරේදා රාත්‍රියේ ශිෂ්‍ය විරෝධතාවය කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර ගසා පලවා හැරියේය.

ඊයේ සවස් වනතුරුම ශිෂ්‍යයෝ සරසවියේ පරිපාලන ගොඩනැගිල්ල වටකරගෙන සිටියහ.  “රනිල් පුලුවන් නම් කැලණියට වරෙන්” ලෙස ලියැවුන පෝස්ටර සරසවි බිම පුරාම අලවා තිබිණි. ආරක්ෂක අංශ මෙම උත්සවයට සහභාගී නොවන ලෙස ජනාධිපතිවරයාට දන්වා තිබියදීත් ජනාධිපතිවරයා මෙම අවස්ථාවට එක් වූ බව ජනාධිපති මාධ්‍ය අංශයේ ආරංචි මාර්ග කීවේය.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka