පිල් මාරුවට තටු ලැබෙයි – ජනවාරි 27 හෝ 28 පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ සූදානමක්!
එළඹෙන ජනවාරි 27 හෝ 28 යන දිනයන්ට ආසන්න දිනයක දී පාර්ලිමේන්තුව විසිරුවා හැරීමටත්, මහ මැතිවරණය එළඹෙන මාර්තු 16 වැනි දා හෝ ඊට ආසන්න දිනයක දී පැවැත්වීමටත් ජනාධිපතිවරයා සූදානමකින් පසු වන බව ආණ්ඩුවේ ආරංචි මාර්ග සඳහන් කරයි.
එළඹෙන 09 වැනි දා යළි පාර්ලිමේන්තුව රැස් වීමෙන් අනතුරුව දැවැන්ත පිල් මාරුවක් සිදු වන බවට බුද්ධි අංශ වාර්තා මගින් ආණ්ඩුව පාර්ශ්වයට තතු ලැබී ඇති බැවින් ජනාධිපතිවරයා ඒ සඳහා කටයුතු කරන බවයි වාර්තා වන්නේ.
මේ අතර ජනාධිපති ලේකම් කාර්යාලයේ ආරංචි මාර්ගය සඳහන් කරන්නේ, මීට පෙර ජනාධිපතිවරයාගේ අදහස වී තිබුණේ ඔක්තෝබර් 18 වැනි දා ජනපතිවරණ පැවැත් වීමට කටයුතු යෙදීමට ජනාධිපතිවරයා බලාපොරොත්තුවෙන් සිටි බවත්, ඒ සඳහා කාර්යය මණ්ඩලයේ සාමාජිකයන්ට සූදානම් වී ඉන්නැයි ඉහළින් උපදෙස් ලැබී තිබුණු බවයි.
පිල් මාරුවට තටු ලැබෙයි – ජනවාරි 27 හෝ 28 පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ සූදානමක්!
2024-01-05T21:04:00+05:30
Gossip Lanka Hot News






