Online පනත වැඩි ඡන්දයෙන් සම්මතයි
මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත කාරක සභා අවස්ථාවේ දී සංශෝධන සහිතව සම්මත වූ බව කථානායක මහින්ද යාපා අබේවර්ධන අද (24) පාර්ලිමේන්තුවට දැන්වීය.
මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත ට අද (24) පස්වරුවේ පාර්ලිමේන්තුවේදී ඡන්දයක් පැවැත්වුණි.
එහි දී මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදයෙන් අනතුරුව පැවැති ඡන්ද විමසීමේ දී ඊට පක්ෂව ඡන්ද 108ක් සහ විරුද්ධව ඡන්ද 62ක් හිමි විය.
ඒ අනුව කථානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම්දුන්නේ මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත දෙවනවර කියවීම වැඩි ඡන්ද 46කින් සම්මත වූ බවය.
Online පනත වැඩි ඡන්දයෙන් සම්මතයි
2024-01-24T19:37:00+05:30
Gossip Lanka Hot News






