නාරම්මල - දම්පැලැස්ස - වළංකඩේ ප්‍රදේශයේ දී පොලිසිය සිදුකළ වෙඩි තැබීකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
එම අවස්ථාවේ දී ප්‍රදේශවාසීන්ගෙන් පොලිසියට දැඩි විරෝධයක් එල්ල වූ අතර මේ වන විට නාරම්මල පොලිස් ස්ථානය ඉදිරිපිට ද උණුසුම් තත්ත්වයක් උද්ගතව පවතිනවා.
නාරම්මල - දම්පැලැස්ස - වළංකඩේ ප්‍රදේශයේ දී මෙම වෙඩි තැබීම සිදුව ඇත්තේ අද (18) රාත්‍රී 7ට පමණ බවයි සඳහන්.
නාරම්මල සිට ගිරිඋල්ල දෙසට ධාවනය වූ ලොරි රථයක් නතර කිරීමට පොලිස් නිලධාරීන් අණ කර ඇතත් අදාළ ලොරි රථය නොනවත්තා ධාවනය කර ඇති බව පොලිසිය පැවසන්නේ.
එම අවස්ථාවේ එම ස්ථානයේ නාරම්මල පොලිසියේ උප පොලිස් පරීක්ෂකවරයෙකු, ආධුනික පොලිස් කොස්තාපල්වරයෙකු සමඟින් සිට ඇත්තේ සිවිල් ඇඳුමින් සැරසීගෙනයි.
කෙසේ වෙතත් ලොරි රථය නොනවත්වා ධාවනය කිරීම හේතුවෙන් පොලිස් නිලධාරීන් දෙදෙනා යතුරුපැදියෙන් කිලෝමීටර් එකහමාරක පමණ දුරක් හඹා ගොස් එය නතර කර තිබෙනවා.
අනතුරුව පරීක්ෂා කිරීමට උත්සහ කළ අවස්ථාවේ පොලිස් නිලධාරියා රියදුරුගේ හිසට ගිනිඅවිය තබා ඇති අතර, එහිදී වැරදීමකින් ගිනි අවිය ක්‍රියාත්මක වී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
වෙඩි තැබීම සිදු වූ අවස්ථාවේ එම ස්ථානයේ සිටි ප්‍රදේශවාසීන් සිවිල් ඇඳුමින් සැරසී සිටි පොලිස් නිලධාරීන්ට දැඩි විරෝධයක් එල්ල කර තිබුණා.
අනතුරුව නාරම්මල පොලිස් ස්ථානය ඉදිරිපිටට ප්‍රදේශවාසීන් පිරිසක් රැස්වීමත් සමඟ එහි උණුසුම් තත්ත්වයක් ද හටගෙන තිබෙනවා.