gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

නාමල් ජනාධිපතිවරණයට ගේන්න පොහොට්ටුවේ මන්ත්‍රී පිරිසක් වෙනම ගේමක්!

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඉදිරි ජනාධිපතිවරණයේ අපේක්ෂකයා ලෙස නම් කරන්නැයි තරුණ මන්ත්‍රීවරුන් පිරිසක් පොහොට්ටුවේ නායකයින්ගෙන් ඉල්ලීමට කටයුතු කරමින් සිටින බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග හෙලි කළා.

ගම් මට්ටමේ නාමල් රාජපක්ෂ මහතාට ඇති කැමැත්ත නිසා මෙම ඉල්ලීම සිදු කිරීමට නියමිතයි.

ධම්මික පෙරේරා මහතා පොහොට්ටුවේ ජනපති අපේක්ෂකයා ලෙස නම් කිරීමට යන බවට පලවන වාර්තා නිසා පාක්ෂිකයින්ගෙන් ඊට දැඩි විරෝධයක් එල්ල වන බවද පොහොට්ටුවේ තරුණ මන්ත්‍රීවරයෙකු කියා සිටියා.

යම් ලෙසකින් ධම්මික පෙරේරා මහතා ඉදිරිපත් වුවහොත් විපක්ෂය බලවත් වන බවද පෙන්වා දුන් මන්ත්‍රිවරයා කියා සිටියේ මේ ගැන පොහොට්ටුවේ නායකයන් හමුවී සාකච්ඡා කරන බවයි.

කෙසේවෙතත් ධම්මික පෙරේරා මහතා පොහොට්ටුවේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කිරීම සඳහා ප්‍රතිපත්තිමය තීන්දුවක් පක්ෂය විසින් ගෙන නොමැති බවද ඉහත ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටියා.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka