gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

පළමු වතාවට ජවිපෙ මුලස්ථානය ඉදිරි පිට විරෝධයක්…ගණිකා වෘත්තිය නීති ගත කරන්න එපා කියයි!

ජාතික ජන බලවේග රජයක් යටතේ ගණිකා වෘත්තිය නීතිගත කිරීම රට ගොඩනැගීමේ ප්‍රධාන වැඩපිළිවෙළදැයි ප්‍රශ්න කරමින් ජනතා විමුක්ති පෙරමුණේ පැලවත්ත ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට 22 පස්වරුවේ නව ජනතා පෙරමුණ උද්ඝෝෂණයක් පවත්වනු ලැබුවා.

ජාතික ජන බලවේගයේ විධායක සභික සමන්මලී ගුණසිංහ මහත්මිය පසුගිය දා සිදුකළ ප්‍රකාශයකින් කියැවුණේ ඔවුන්ගේ රජයක් යටතේ ගණිකා වෘත්තිය නීතිගත කරන බවයි.

ගණිකා වෘත්තිය සඳහා රීති පද්ධතියක් ඇති කළ යුතු බව ද ඇය සඳහන් කර තිබුණා.

අනාගත ජනාධිපතිවරයා බිහිකිරීමට උත්සාහ දරණ පක්ෂයක නියෝජිතයන් කරනු ලබන මෙවැනි අමනෝඥ ප්‍රකාශයන්ගේ අර්ථය කුමක්දැයි විමසමින් සටන් පාට ප්‍රදර්ශනයක්ද මෙහිදී පවත්වා තිබෙනවා.

මේ අතර 70%කට අධික ප්‍රමාණයක් බෞද්ධයන් වෙසෙන රටක සමාජ විරෝධී ප්‍රතිපත්ති ඉදිරියට දමමින් ඔවුන් සිදුකරන ප්‍රකාශයන්ට එරෙහිව මෙම උද්ඝෝෂණය සිදුකරන බවත් නව ජනතා පෙරමුණ කියා සිටියා.

ජනතා විමුක්ති පෙරමුණ කාර්යාලය ඉදිරිපිට මෙවැනි විරෝධතාවක් දියත්කල පළමු අවස්ථාව මෙය වීමද විශේෂත්වයකි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka