gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ජනපතිට එරෙහිව කළු කොඩි එසවූ දෙදෙනෙක් වවුනියාවේදී අත්අඩංගුවට!

ජනාධිපති රනිල් වික්‍රමසිංහ වවුනියාවේ සංචාරය කිරිමට විරෝධය පළ කරමින්, හමුදා ගැටුම් අතරතුර අතුරුදන්වූවන්ගේ ඥාතීන්ගේ සංවිධානය විසින් විරෝධතාවක් සංවිධානය කරන ලදී.

එහිදී, කළු කොඩි ඔසවා විරෝධය පළකරන ලද, එම සංවිධානයේ සභාපති ශිවනාදන් ජෙනීටා සහ සිවිල් සමාජ ක්‍රියාකාරිකයකු අත්අඩංගුවට ගෙන තිබේ.

සංවිධායකයන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමත් සමඟ නොසන්සුන්කාරී වාතාවරණයක් නිර්මාණය වී ඇති බවට වාර්තා වේ.

පොලිසිය පැවසුවේ, විරෝධතා දැක්වීමට හෝ ජනාධිපතිවරයාගේ මාර්ගයට බාධාකිරීමට එරෙහිව වවුනියාව මහේස්ත්‍රාත්වරයාගේ නියෝගය නොතකා, විරෝධතාව සංවිධානය කිරීම සැකකරුවන් දෙදෙනා විසින් සිදුකර ඇති බවයි.

එසේම, අතුරුදන්වූවන් සම්බන්ධයෙන් අන්තර්ජාතික මට්ටමේ පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා, ජනාධිපතිවරයා හමුවීමට අවශ්‍ය බව විරෝධතාකරුවන් පොලිසියට ප්‍රකාශ කර තිබේ.

එහෙත්, පොලිසිය එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇති අතර, එම සංවිධානයේ නියෝජිතයකුට ජනාධිපති සම්බන්ධීකාරකවරයකු හමුවීමට අවසර ලබාදීමට එකඟ වී ඇති බවට වාර්තා වේ.

සැකකරුවන් දෙදෙනා අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka