gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

විශාල පිරිසක් විපක්‍ෂයට..? 113 නැති වී පාර්ලිමේන්තුව විසුරුවයි..?

තවත් මාස කිහිපයක් තුළ ආණ්ඩුවට තම බහුතරය අහිමි වෙනු ඇති බවත් ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ගෙන් වැඩි පිරිසක් මේ වන විට සමගි ජන සන්ධානය සමග එකතුවීමට සාකච්ඡා පවත්වමින් සිටින බවත් සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක මහතා සඳහන් කරයි.

ආණ්ඩුවට 113ක බහුතර බලය අහිමි වීමත් සමඟ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට සිදුවනු ඇති බවද පැවසු ඔහු ඒ අනුව ජනාධිපතිවරණයකට පෙර මහ මැතිවරණයක් කැඳවනු ඇතැයි විශ්වාස කරන බවද කියා සිටියේය.

ලංකාව ආර්ථික වශයෙන් බංකොලොත් වී ඇති අවස්ථාවක විශාල මුදලක් වියදම් කර රතු මුහුදේ ආරක්ෂාව වෙනුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව සහ යුද නෞකා යැවීමට ආණ්ඩුව ගත් තීරණය පිළිබඳව ගැටලුවක් තිබෙන බවත් අවසානයේ රතු මුහුදේ ආරක්ෂාව වෙනුවෙන් වියදම් කරන මුදල්වල බර දැරීමට සිදුවන්නෙත් ලංකාවේ අහිංසක ජනතාවට බවත් දිසානායක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක මහතා මේ බව පැවසූ අතර දෙහිවල ආසනයේ ප්‍රධාන සංවිධායක චන්න විකුම් මහතාද එම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වීය.

වැඩිදුරටත් අදහස් දැක්වූ මයන්ත දිසානායක මහතා මෙසේ ද පැවැසීය.

‘‘ජනතාවට ටින් අංකයක් (බදු ගෙවන්නන් හඳුනාගැනීමේ අංකයක්) ලබාගන්නා ලෙස ආණ්ඩුව ප්‍රතිපත්ති තීරණයක් ගෙන තිබෙනවා. නමුත් ඒ පිළිබඳව ආණ්ඩුව හරියාකාරව තවම ප්‍රකාශ කරලා නෑ. ඒ වගේම ආණ්ඩුව රටේ බදු ප්‍රතිපත්තිය පිළිබඳවත් තවම හරියාකාරව ප්‍රකාශ කරලා නෑ. ආණ්ඩුව වැට් බද්ද හරහා ජනතාව ෆැල්ට් කරලා තිබෙනවා. ආණ්ඩුවේ අසාධාරණ බදු ප්‍රතිපත්තිය අපි තරයේ හෙළා දකිනවා. සමගි ජන බලවේග රජයක් යටතේ ජනතාවට සාධාරණයක් වන බදු ප්‍රතිපත්තියක් හඳුන්වලා දෙනවා.

සැප්තැම්බර් මාසය වනවිට ජනාධිපතිවරණයක් පවත්වන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කරලා තිබෙනවා.

2024 ජනාධිපතිවරණයට සමගි ජන සන්ධානය යටතේ පොදු අපේක්ෂකයා ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තරඟ කිරිමට නියමිතයි. සමගි ජනබලවේගය සහ සමගි ජන සන්ධානය සමඟ වැඩකරන සියලුම සංවිධාන ඒකරාශි කරගෙන ආසන මට්ටමින් පක්ෂය ශක්තිමත් කරමින් ජනාධිපතිවරණයට සූදානම් වෙනවා. ඒ වගේම ජනාධිපතිවරණ ජයග්‍රහනය කර ඉතා ඉක්මනින් මහ මැතිවරණයක් සඳහා ඉදිරිපත් වෙනවා. මහ මැතිවරණය ජයග්‍රහනය කර නිවැරදි ජාතික ප්‍රතිපත්තියක් තිබෙන ආණ්ඩුවක් සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කරනවා.


ආණ්ඩුවේ මැති ඇමැතිවරුන්ගෙන් බහුතරයක් සමගි ජන සන්ධානය සමඟ එකතු වෙන්න මේ දිනවල සාකච්ඡා කරමින් සිටිනවා. මේ වසරේ තව මාස කිහිපයක් තුළ ආණ්ඩුවට තිබෙන බහුතරය අහිමිවෙනවා. ඒ අහිමි වීම තුළ මන්ත්‍රීවරු 113 ට වඩා වැඩි ප්‍රමාණයක් විපක්ෂය සමඟ හිටගන්නවා. එ් අවස්ථාවේ පාර්ලිමේන්තුව විසුරුවන්න ජනාධිපතිවරයාට සිදුවෙනවා. ඒ අනුව ජනාධිපතිවරණයකට පෙර මහ මැතිවරණයක් තියේවී කියලා අපි විශ්වාස කරනවා.

නිවැරදි ආර්ථික ප්‍රතිපත්තියක් , විදේශ ප්‍රතිපත්තියක් , දේශීය ප්‍රතිපත්තියක් තිබෙන පුද්ගලයාව තමයි ජනතාව ජනාධිපතිවරණයේදී රාජ්‍ය නායකයා ලෙස තෝරාගත යුත්තේ. ඒ වගේම ජනතාව දන්නවා පිරිසිදු කණ්ඩායමක් , රාජ්‍යයක් මහෙයවන්න පුලුවන් කණ්ඩායම ඉන්නේ සමගි ජන බලවේගය සතුව කියලා.ඒ වගේම ඊළග ජනාධිපතිවරණය රටේ තීරණාත්මක මැතිවරණයක් කියලා රටේ තරුණ පරපුරත් දන්නවා. ‘‘

– Media unit
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka