gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ජනාධිපතිවරණය ස්ථිරයි! අගමැති ආණ්කාරවරු, දිසාපතිවරු, ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවට කැඳවයි!

ලබන ජූලි 31 වැනි දිනට පෙර විමධ්‍යගත අරමුදලෙන් සිදුකෙරෙන සියලු සංවර්ධන කටයුතු සිදුකොට අවසන් කරන ලෙස අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා අද (11) පාර්ලිමේන්තුවේ පැවැති විශේෂ රැස්වීමකදී උපදෙස් ලබාදී ඇත. 

පාර්ලිමේන්තු කමිටු ශාලා අංක 01 පැවැති මෙම රැස්වීමට සියලු ආණ්ඩුකාරවරු, දිස්ත්‍රික් ලේකම්වරු මෙන්ම ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ද සහභාගි වී ඇති බව දැනගන්නට තිබේ.

එහිදී අගමැතිවරයා උපදෙස් ලබාදී ඇත්තේ මේ වන විට විමධ්‍යගත අරමුදලෙන් වෙන්කොට ඇති අරමුදල් උපයෝගී කොටගෙන ජූලි 31 වැනි දිනට ප්‍රථම සියලු සංවර්ධන වැඩකටයුතු අවසන් කරන ලෙසත්, ඊට අදාළ කටයුතු සියල්ල සම්පූර්ණ කරන ලෙසත්ය.

ඒ අනුව රැස්වීමට සහභාගි වී සිටි බොහෝ දෙනා සඳහන් කොට ඇත්තේ එම උපදෙස් ලබාදීම හරහා නියත වශයෙන්ම ජනාධිපතිවරණයක් පැවැත්වෙන ලකුණු පහළ කොට ඇති බවකි.

කෙසේ වෙතත් මේ ආකාරයට මැති ඇමැතිවරුන් පමණක් ගෙන්වා ගෙන සංවර්ධන කටයුතු අවසන් කරන ලෙසට උපදෙස් ලබාදීම හරහා කිසියම් අර්බුදකාරී තත්ත්වයක්ද මේ වන විට මතුව තිබේ.

ඒ, මෙම සංවර්ධන කටයුතු දිස්ත්‍රික් සංවර්ධන කමිටුව හරහා සිදුකළ යුතුව තිබීම නිසාය.

එම කමිටුවට දිස්ත්‍රික්කයේ සියලු මැති ඇමැතිවරුන් සම්බන්ධවී සිටින අතර, සභාපති ධුරය හිමිව ඇත්තේ ආණ්ඩු පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරයකුටය.

මෙම වැඩසටහන ආණ්ඩු පක්ෂයෙන් අධීක්ෂණය සඳහා අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් සහ ප්‍රසන්න රණතුංග, පවිත්‍රා වන්නිආරච්චි, හරීන් ප්‍රනාන්දු සහ අශෝක ප්‍රියන්ත යන මැති ඇමැතිවරුන්ගෙන් යුත් කමිටුවක්ද පත්කොට තිබේ.

ඒ අනුව ආණ්ඩු පක්ෂ මැති ඇමැතිවරුන්ගේ යෝජනා පමණක් සභාපතිවරයා හරහා ක්‍රියාත්මක වීමේ ඉඩකඩක් මතුවනු ඇති බවට බොහෝ දෙනා තුළ සැකයක්ද මතුව ඇති ආකාරයක් මේ වන විට දැකගන්නට තිබේ.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka